Featured post

Towards a Complementary Humanism - save humanism and human world - by Ajith Rohan J.T.F.

  Common Objective – "Save humanity and the human world." By "human world," we refer to the "man-made world...

Monday, 4 November 2019

Alternative Educational and Economic Development Foundation - Colombo, Sri Lanka


PHOTOS OF AEED FOUNDATION TWO STORY NEW BUILDING CONSTRUCTION PROGRESS
Sent today 04. 11. 2019, by the architect Mrs. Pradeepika Wickramasena.








Sunday, 27 October 2019

Alternative Education and Economic Development Foundation - Colombo 15 (North)

NEW PHOTOS OF AEED FOUNDATION BUILDING (Colombo North, Sri Lanka)
Photos were taken by the architect Mrs. Pradeepika Wickramasena and her husband and two children are on photos. As Mrs. Pradeepika said, around May 2020 the 2 floors building will be completed.









Wednesday, 18 September 2019

Reflections on Sri Lanka Politics - short notes 01 (political philosophy) by Ajith Rohan J.T.F. Rome

ශ්‍රී ලංකාවේ අසන්තුලිත දේශපාලනය

(දේශපාලන දර්ශනය -  කෙටි සටහන්) 01

Ajith Rohan J.T.F., Rome


The colonialism of the renaissance period has done irreversible damages to humanity. Even today there is still cultural colonialism of the West-USA. Moreover the new global colonialism by standardizing everything continues to block the whole world. Thus all types of terrorism, conflicts, poverty are consequences of these ongoing colonialism of West-USA. They are using also terrorists for their targets. So, terrorists are only those who disobey West-USA. Consequently, the world still fails to activate democracy.

පුර්ව යුග, සාක්ෂි සහිත විවිධ රාජාණ්ඩුක්‍රම, බටහිර යටත් විජිත යුගය, සර්වජන චන්ද බලය සමග නිදහස ලැබීම සහ ඉන් පසු යුගය ගැන ඓතිහාසික කරුණු (පිළිගත් ලියවිලි, සෙල්ලිපි, අන්තර්ජාතික සම්බන්ධතා සහ සාක්ෂි, පුරාවිද්‍යා සාක්ෂි සහ පර්යේෂණ ලිපි ආදිය) මත පදනම් වෙමින් විමසා ශ්‍රී ලංකාවේ ඉතිහාසය නැවත අර්ථ දැක්වීම 21 සියවසේ ශ්‍රී ලංකාවේ යහපත් ඉදිරි ගමනට අත්‍යවශ්‍ය දෙයකි. ශ්‍රී ලංකාවේ ඉපදී දැනට එහි වෙසෙන ජනතාව එක්සේසත් කිරීමට මේ ප්‍රයත්නය ඉතාම වැදගත් වේ යයි සලකමු. නමුත්, පුදුමයට කරුණ නම් මේ ගැන මෙතෙක් ශ්‍රී ලංකාවේ වසන සියලු ජාතීන්ගේ සහභාගිත්වයෙන් සැකසුනු කාටත් පිළිගතහැකි අපක්ෂපාති ලේඛනයක් සකස්වී නොමැති වීමයි. අප මෙසේ මෙහි වටිනාකම ගැන කතා කරන්නේ ඇයි? ලෝකය පුරා ඓතිහාසික වශයෙන් දිගින් දිගට සිදු වූ යටත් විජිත ගැන කාටත් දැනගත හැක. නමුත් බටහිර ලෝකයේ ග්‍රීක, රෝම, ඉස්ලාම්, හෙබ්‍රෙව් චින්තන සහ කතෝලික, ක්‍රිස්තියානි සහ ප්‍රොතෙස්තන්ත ආගම් ඔස්සේ බිහිවූ නව පුනරුදය සමග ශක්තිමත් වූ යටත් විජිත යුගය ලෝකය පුරා අඳුරු සහ මේ වන තුරුත් ජාතින් අතර යුද්ධ ඇතිවීමට හේතු වූ අති භයානක විශේෂ ප්‍රපංචයක් නිසාවෙනි.
නව පුනරුද යුගයත් සමග ඇති වූ යටත්විජිතවාදය රැල්ලක් මෙන් යුරෝපය පුරා පැතිරී ගියේය. යුධ, නාවික සහ ආර්ථික වශයෙන් බලවත් රටවල් තරඟයට මෙන් ලෝකය පුරා යටත් රාජ්‍ය ඇති කරගන්න කටයුතු කලෝය. මොවුන් අතින් සිදුවූ සාහසික අපරාධ වලින් ගහන වූ මේ ක්‍රියාවලියේදී ලෝකය පුරා අධ්‍යාපන, සංස්කෘතික සහ ආගමික යටත්විජිත වාදය ඉතාම භයානක අන්දමින් යොදා ගැනීම සිදු විය. ඒ සංස්කෘතික අධ්‍යාපනික ආධිපත්‍යය අදත් එනම් 21 සියවසේත් එලෙසම පවතී. නමුත් පැරණි යටත්විජිත ක්‍රියාවලියේදී සංස්කෘතිය, ආගම සහ අධ්‍යාපනය සිය යටත් විජිත වල යොදා ගත්තේ ඉතාම අල්ප වශයෙනි. උදාහරණයකට රෝමවරු මේ බලපෑම් යොදා නො ගත්තෝය. ඔවුන්ට අවැසි වූයේ රෝමයේ සුඛෝපභෝගී ජිවිත ගත කිරීමට අවශ්‍ය මුදල්, භාණ්ඩ සහ සේවය (වහල්) අඩුවක් නැතිව සපයා ගැනීම පමණි. එසේම ඔවුන්ගේ සිත් ගත් දෙවි කෙනෙක් කොතැනක දී කුමන හෝ දේශයක දී හමු වුනත් ඒ දෙවියන්ගේ රුපයක්, පිළිමයක් රෝමයේ ද ස්ථාපිත කරගැනීමට තරම් ඔවුන් නිදහස් විය (රෝමවරුන්ගේ ප්‍රධාන දෙවියෝ අධිරාජ්‍යයා විය). නමුත් නව පුනරුදයෙන් පසු එන බටහිර යටත්විජිත ස්වාමිවරුන් වූ පෘතිගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් ආදී ජාතීන් තමන්ගේ ආගම ට මුල්තැන දී, බයිබලයේ දෙවියෝ ලෝකයේ එකම ගැලවුම් කරු වශයෙනුත් ඔහුගේ ආශිර්වාදය ලද්දෝ සුදු බටහිර ජාතින් පමණක් ය වශයෙනුත් වූ ගෙතු කතන්දර පසුබිමෙහි තබා ඔවුන්ගේ ඉතිහාස නිර්මාණය කර යටත් විජිත වල හොඳින් හෝ නරකින් ඉගැන්විය. මෙසේ, ලෝකයේ පැරණි ගෝත්‍ර, ජාතින්, සංස්කෘතීන් ශිෂ්ටාචාර විනාශ කර විකෘති කළේ පල්ලි, පාසල් සහ ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ස්ථාපිත කළ විශ්වවිද්‍යාල ඔස්සේ ය. ඒ පැතිරවූ අඳුරු සහ භයානක ආකල්ප අද 21 වන සියවසේ ද ලෝකයේ පවතින ගැටුම්, යුද්ධ, ත්‍රස්තවාදය ආදියට බලපාන මුලික හේතු අතර ප්‍රමුඛත්වය ගනී. එසේම, මේ විකෘති කළ ඉතිහාස තවමත් සත්‍ය වශයෙන් සලකා ලෝකය පුරා සේම ශ්‍රී ලංකාවේ ද උගනිති. ඒවා ට උපාධි නම් සහතිකය දී තව දුරටත් යටත්විජිත යුග ම පවත්වාගෙන යාමට නිවට සහ දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ඉඩ දී ක්‍රියා කරති. බටහිර අනුමැතිය ලැබූ දේශීය විශ්ව විද්‍යාල වලින් බිහිවූ බුද්ධිමතුන් එඬේරුන් පසුපස යන බැටළුවෝ මෙන් බටහිර අදහස් ම අනුමත කරති. කිසිදු සාක්ෂියක් පර්යේෂණයක් නො කොට ම ඔවුන් කියන සියල්ල පිළිගනිති.
මේ අනුව ඉංග්‍රීසින් ශ්‍රී ලංකාවේදී හැම අතින්ම 21 වන සියවස තෙක්ම ජය ලැබුවෝ බව පැහැදිළිව පෙනේ. විශේෂයෙන් ඔවුන් ට දුරස්ථ පාලනයෙන් තවදුරටත් සිය යටත් විජිත දුපත පාලනය කිරීම පහසු වී ඇත්තේ ඔවුන් හදා වඩා පුහුණු කළ ඉඩම් හිමි ධනපති සහ මධ්‍යම පන්තිය ඉංග්‍රීසින්ගේ ජිවිත ක්‍රම, ආකල්ප සහ මොඩල ප්‍රශ්න කිරීමකින් තොරව සුවච කීකරු බල්ලන් මෙන් පිළිගත් නිසාවෙනි. අදත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ යෙදී සිටින වලව් කාරයින් සියල්ලෝ ඉංග්‍රීසින්ට ගොම්පස් ඇල්ලුවෝ වෙති. එසේ ඉංග්‍රීසින් ට ගැතිකම් නො කළ වුන්ට ඉඩම් හිමි වලව් කාරයෝ විය නොහැකි විය. අනෙක් පැත්තෙන් සාමාන්‍ය ජනතාව නම් වූ බැටළු පෝතකයෝ මේ බලු වලව් පැලැන්තිය අනුගමනය කරමින් ඔවුන් ව දේවත්වයේ ලා සලකමින් අදත් එංගලන්තයට ම ආවඩමින් සිටිති. මේ නිසාම ශ්‍රී ලංකාවේ උපන්නත් සුදු මනසින් සිතන පැලැන්තියට එරෙහිව මෙතෙක් කිසිදු ප්‍රාණවත් විකල්ප ජන රැල්ලක් ගොඩනැගුනේ ද නැත. එසේ එකම විකල්ප රැල්ල යයි කියා ගත් ජනතා විමුක්ති පෙරමුණ ද අධිරාජ්‍ය ගැත්තෝ ම බව පැහැදිලිව ඔප්පු වේ. විශේෂයෙන්, බටහිර ගැති බලු වලව්කාර පැලන්ති ය බටහිර දේශපාලනය ම ක්‍රියාත්මක කරනු හැර මෙතෙක් වෙනත් විකල්පයක් ඉදිරිපත් කර නැත. ජනතා විමුක්ති පෙරමුණ අනෙක් පැත්තෙන් මාර්ක්ස් බයිබලයේ සංකල්ප ඔස්සේ බිහි කළ "මාර්ක්ස් වාදය" රුසියානු සහ චීන  දේශපාලකයින්ගේ ඇසින් බලා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නට උත්සහ කරමින් සිටි. ඒ අනුව මොවුන්ද බටහිර චින්තනයෙන් ම පෝෂණය වන්නෝ වෙති. ශ්‍රී ලංකාවට ගැලපෙන දේශපාලනයක් ගැන ඔවුන්ට අදහසක් නැත. දැනුත් ඔවුන් ස්ක්වුට්, කැඩෙට් කණ්ඩායමක් මෙන් සිතති, සැලසුම් කරති කටයුතු කරති. පාර්ලිමේන්තුවක් වෙනුවට පොලිසියක් මෙන් හොරු ඇල්ලීමේ යෙදෙන්න ජනතාවගෙන් චන්දය ඉල්ලති. ජනප්‍රිය සටන් පාඨ ඔස්සේ පමණක් යමින් බලය ඇල්ලීම එකම අරමුණ කරගෙන ක්‍රියා කරති. ද්‍රවිඩ පක්ෂ සහ L.T.T.E. ත්‍රස්තවාදය ද බටහිර ගැත්තෝ ම වෙති. ද්‍රවිඩයින් ශ්‍රී ලංකාවේදී ඉංග්‍රීසින්ගේ අතකොලු වුවෝ වෙති. මේ නිසා අදටත් ඔවුන් භූමිකාව නිදහසේම රඟ දක්වමින් සිටිති. අදටත් L.T.T.E. ත්‍රස්තයෝ බටහිර පිහිටෙන් ම බටහිර සහ බටහිර කල්ලියේ රටවල සිට සිය දේශපාලන සටන් මෙහෙයවමින් සිටිති. මුස්ලිම් ජාතිය ඒක දේව වාදයෙන් අන්ධ ව සත්‍යයේ අයිතිකරුවෝ මෙන් පෙනී සිටින මානසික රෝගියෝ ම බව ඔප්පු කරමින් සිටිති. මොවුන්ගේ මේ අඥාන කම අති භයානක ප්‍රපංචයක් මෙන් සලකා කටයුතු කල යුතුම ය. ඔවුන්ට ශ්‍රී ලංකාවේ ඉපදුන බව අමතක වී ඇත. තම රට බහු ජාතීන්ගෙන් සහ විවධ ජන කොටස් වලින් සැදී ඇති බව සිංහලයින්ට, ද්‍රවිඩයින්ට මෙන්ම ඔවුන්ට අමතක වී ඇත. මේ අනුව, ශ්‍රී ලංකාවේ 1931 සිට මේ ජාතින් එනම්, සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් සහ අනෙකුත් ජන කොටස් ශ්‍රී ලංකාවේ හනුමන් ලා ගේ භූමිකාව හොඳින් රඟ දක්වමින් උතුරේ සිට දකුණට ගිනි තබමින් සිටිති. මේ හනුමන්ලා පසුපස බෙදී දුවන වඳුරු, රිලා රට වැසියෝ තමන්ට වෙමින් තිබෙන වින්නැහිය ගැන කිසිදු අවබෝධයකින් තොරව පක්ෂ වලට බෙදී ඇන කොටා ගනිති. ඔක්කොම එලෝ විකාරෙන් මෙලෝ අතගාති. මේ අනුව, ශ්‍රී ලන්කාවෙ සාමාන්‍ය වැසියෝ (බැටළු පෝතකයෝ) පැහැදිලිවම සිය අනන්‍යතාව ගැන අදහසක් නැති අය බව පෙනේ. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ජිවත්වන සියලු ජාතීන්ගේ මානසිකත්වය ඉංග්‍රීසින් විසින් මුලිනුපුටා දමා ඇති බව පැහැදිලිය.
නිගමන

නිදහසින් පසු ද සිංහල දෙමල, මුස්ලිම් සහ අනෙකුත් ශ්‍රී ලංකාවේ වෙසෙන ජනකොටස් සියල්ලෝ ඉහත කි කිසිත් ගැන සාධාරණ විමසීමක් කර නැත. සියලු ජාතින් එකතුව එක මේසයක වාඩි වී සිය අදහස් බෙදා ගෙන ශ්‍රී ලංකාවේ සිටින ලංකිකයෝ (හෝ වෙන ඕනෑම නමකින්) වශයෙන් එක ජාතියක් හැටියට ජීවත්වෙන්න අවශ්‍ය කටයුතු කිසිම අයුරකින් මේවනතුරුත් කර නැත. රටේ පොදු ප්‍රශ්න ගැන කිසිදු අවබෝධයක් ඇතිව කිසිදු ජාතියක් මේ වනතුරුත් ක්‍රියා කර නැත. කිසිදු දේශපාලන පක්ෂයක් ජාතිය ගොඩනැගීම (සිංහල+දෙමල+මුස්ලිම්+ බර්ගර්+අනෙකුත් ජනකොටස්) ගැන මේවනතුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ශ්‍රී ලංකාවට ගැලපෙන පොදු වයවස්තාවක් සකස් කර ගැනීමට කිසිදු ජාතියක් එක්වී කටයුතු කර නැත. කිසිදු දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකාවේ ජාතිය ගොඩනගා අනුව නව ශ්‍රී ලංකාවාසීන් සමග එක්ව නව ශ්‍රී ලාංකික ව්‍යවස්ථාවක් සකස් කිරීම සිය දේශපාලන අරමුණ වශයෙන් ඉදිරිපත් කර නැත. මෙතෙක් සියලු ජාතින් සහ දේශපාලන පක්ෂ එලෝ විකාරෙන් මෙලෝ අතගාන දේශපාලන කරගෙන යති. ඔවුහු තවමත් ජාතින් වශයෙන් බෙදී ඇත. ආගම් වශයෙන් බෙදී ඇත. කුල වශයෙන් පන්ති වශයෙන් බෙදී සිටිති. ඔවුනොවුන් ට පදනම් රහිත බොරු ඉතිහාස ගොතාගෙන ඒ අනුව කටයුතු කරති. 21 සියවසේදීත් මේ පටු නුගත් තත්වයේම ජීවත්වෙති. ඒ ගැන උදම් අනති. එක රටක ඉපදුනු එක රටක පුරවැසියෝ මෙන් කතාබස් කර ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය පසුබිමක් ගොඩනැගීමට මේ පුහුදුන් ශ්‍රී ලංකාවේ උපන්නෝ තවමත් අපොහොසත් ව සිටිති.







WATER - Man, The Narrator. The protagonist of the Auto-biographical story.

WATER - Man, The Narrator. The protagonist of the Auto-biographical story.
"No man, therefore No world". Man is the creator of his world within that so-called "natural world".