Wednesday, 4 January 2017
Wednesday, 21 December 2016
FREEDOM - නිදහස (WATER, Man the narrator 03) web-comics by Ajith Rohan JTF
Freedom
The freedom of any person is imprisoned from
his/her conception. This happens not on a spiritual level but precisely
on a socio-political-economic-cultural level. All systems of the world
act perfectly as a “big-brother” to prevent individuals from “freedom”.
So they are not helping anybody to find the real “freedom within”, but
they become open prisons for all. Unfortunately, we also have to admit
that freedom is not for all; but just trying to be free is not a
bad omen.
පුද්ගලයාගේ නිදහස ජන්මය ලබන මොහොතේම සිරකෙරෙය්. සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික මාන ජීවිතය නිදහසේ ජීවත්වෙන්න, වටහා ගන්න සහ ජයගන්න මාර්ග හෝ අත්වැල් වෙනවා වනුවට සිරගෙවල් බවට පත්වී ඇත. ඒ යටපත් කල නිදහස සොයා ගන්නට නිදහස භුක්ති විඳින්නට හැමදෙනාටම හැකියාවක් නැත. නමුත් හැකි හැමකෙනෙක්ම නිදහස තමා තුළින් මතු කරගන්න ට දරන උත්සාහය අපතේ නොයනු ඇත.
Saturday, 15 October 2016
Thursday, 25 August 2016
Sketches for Christmas greetings 1996 - by Ajith Rohan JTF, Rome
අපි කුඩා අවදියේ ශ්‍රී ලංකාවේ සියලු ආගමික උත්සව සැමරීම සඳහා සුභපැතුම් පත් නිර්මාණය කළෙමු. ඒවා අපේ හැකියාවන් අගය කළ ගුරුවරුන්ට යැව්වෙමු; මිතුරන් අතරේ බෙදා ගත්තෙමු. එවක අපි මේ සඳහා “පොස්ට් කාඩ්” (තැපැල් පත්) වශයෙන් හැඳින්වූ, තැපැල් කන්තෝරුවෙන් ම මිළදී ගතයුතු සුදු මතුපිටක් සහිත මුද්දරය මුද්‍රණය කළ කාඩ් පත් පාවිච්චි කළෙමු. මේ දළ සටහන් වලින් සකස් කළ සුභපැතුම් පත් අප ළඟ නැත. නමුත් එක් කරුණක් පැහැදිළිය්: ඒ මෙය්න් පසු අපි කිසිදු ආගමික උත්සවයක් සඳහා සුභපැතුම් පත් නිර්මාණය නොකළ බවය්. මිට ප්‍රධාන හේතුව නම් අපේ පුද්ගලික ජීවිතය, පවුල් සබඳතා, මිතුරු මිතුරියෝ, ජාතික සහ අන්තර්ජාතික සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික මාන සහ ලෝකය ආදී සියල්ල වෙනස් වීමට භාජනය වන යුගය ආරම්භ වීම බව සිතේ.