Featured post

Towards a Complementary Humanism - save humanism and human world - by Ajith Rohan J.T.F.

  Common Objective – "Save humanity and the human world." By "human world," we refer to the "man-made world...

Saturday, 12 March 2016

Sri Lanka is theoretically and practically a corrupted country. 2016 - by Ajith Rohan JTF from Rome


ශ්‍රී ලංකාව න්‍යායාත්මකව සහ ප්‍රයෝගිකව දේශපාලනික වශයෙන් දුෂිත රටකි


1. ඉංග්‍රීසින් 1931 සර්වජන ජන්ද බලය දෙන්නට පෙර ශ්‍රී ලංකාවේ බටහිර අදහස් කරන ප්‍රජාතන්ත්‍රවාදයක් නොවූ බව සත්‍යකි (නමුත්, කුමන ප්‍රශ්න ගැටළු තිබුනත්, එදා, එනම් බටහිර ආක්‍රමණ වලට පෙර තිබු සමාජයේ, රජු සහ ජනතාව අතර ඉතාම හොඳ සම්බන්ධතාවක් තිබු බව අපි දනිමු). එසේම, සර්වජන ජන්ද බලය සාමාන්‍ය ජනතාවට ලබා දීමට එවකට ඉංග්‍රීසින්ගේ සිංහල නියෝජිතයන් සේ කටයුතු කළෝ විරුද්ධ වූ බව ද සත්‍යයකි. එම වරප්‍රසාදය ඉංග්‍රීසින්ගේ ආශීර්වාද ලත්, ඉංග්‍රීසින් හා සමානව සිතන එසේ පුහුණු වූ ඉංග්‍රීසි කතා කළ  දේශපාලන සහ ව්‍යාපාරික පැලැන්ති වලට පමණක් සිමා කර ගන්නට අවැසි විය. එසේ කිරීමට තැත් දැරීමේ හේතු වශයෙන් ඔවුන් දැක්වූ හේතුව වූ, සාමාන්‍ය ජනතාවගේ අධ්‍යාපනික, මානසික සමාජවිද්‍යාත්මක සහ දේශපාලනික වශයෙන් එවන් බැරෑරුම් තේරීමක් සඳහා සුදානමක් නැතය් කීම අදටත් ගැළපෙන්නකි. එසේම, සර්ව සම්පුර්ණ දේශපලන ඥානයක් සමග ශ්‍රී ලංකාව බාරගත් එක ම එක දේශපාලකයෙක් හෝ අද දක්වා නොසිටි බව ද සත්‍යයකි. දොන් ස්ටීවන් සේනානායකගේ පටන් රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන දක්වා ශ්‍රී ලංකාව පාලනය කළා (කරනවා) යය් කියනවට වඩා අවුලෙන් අවුලට ඇදගෙන යමින් තම තමන්ගේ වැඩ කර ගත්තෝ (ගන්නෝ) යය් කිව හැක.

2. තවමත් අපි යටත්විජිතයක ජිවත්වන බව පැහැදිළිව පෙනේ. අප මෙසේ කීමට ප්‍රධාන හේතුව, තවමත් අප සිටින්නේ එදා ඉංග්‍රීසින්ගේ වරප්‍රසාද ලැබූ පවුල් පැලැන්තියේ දුෂිත පාලනය යටතේම වීම නිසය්. ඔවුහු  ඉංග්‍රීසින්ගේ ආගම (ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි) හදවතින් සහ මනසින් ජිවත් වෙති. ඔටුන්නට ගරු කරති. ශ්‍රී ලංකාවේ ජනතාව ඉදිරියේ බෞද්ධයෝ වෙති. මේ පැලැන්ති ක්‍රමයට පිටතින් පැමිණි ආර්. ප්‍රේමදාස ද විකාරයෙන් මෙන් වලව් පැලැන්තියක් ගොඩනගාගෙන ඔහුගේ විරුද්ධකාරි සිංහල-ඉංග්‍රීසි ඒජන්ත වරුන්ට මුහුණ දීමට උත්සහ කළේය. මෙසේ ඔහු මුළු රටම අවුල් වන බොහෝ ක්‍රියා කළේය. මහින්ද රාජපක්ෂද මේ වර්ගයේ කෙනෙකි. ඔහුද හැකි හැමවිටම වලව් කාරයෙක් සේ පෙනී සිටින්නට උත්සහ කළේය. මොවුන් සියල්ලෝ ශ්‍රී ලංකාවේ ජනතාව සලකන්නේ බටහිර වැඩවසම් යුගයේ මානසිකත්වයෙනි. ඔවුන් මනසින් 21සියවසට පැමිණ නැත. මේ අනුව, අප කී දේ සැබෑ වේ. මේ දක්වා ශ්‍රී ලංකාව අවුලෙන් අවුලට ඇදගෙන යන්නෝ ඉංග්‍රීසින්ගේ සහ පොදුවේ බටහිර ආශීර්වාද ලද්දෝ (සිහල, ද්‍රවිඩ, මුස්ලිම්) සහ එසේ වීමට උත්සහ කරන විකාර කාරයෝ පිරිසක් විසිනි. මෛත්‍රිපාල සිරිසේන මිට වෙනස් සැලසුමකට කටයයුතු කරන බටහිරට දිව දික්කරගෙන, කාටත් නොදැනී බටහිරට කඩේ යමින් සිටින්නෙකි. ඔහු කතෝලික බල කඳවුරේ සහය ලබාගෙන ඒ ඔස්සේ බටහිරට කොක්ක ගසාගෙන ඇත. ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියද කල දුටු කල වල ඉහගන්න මාන බලමින් සිටි. ඔවුන් අර අදින්නේ තවත් කෝට්ටේ ධර්මපාල (Dom João Dharmapala Peria Bandara) කෙනෙක් නිර්මාණය කර ගැනිමටය්. JVP මානසිකත්වය ගැන කිවයුතු දෙයක් නැත. ඔවුන් හැමදාම එකම මඩ වලක ලගිමින් සිටිති. අනෙක් පැත්තෙන් මර්ක්ස්වාදය යනු හෙබෙව් වරුන්ගේ සර්වසම්පුර්ණ රාජ්‍යය ඔස්සේ ගොඩනැගු දේශපාලන ක්‍රමය බැවින් ඔවුන්ද (JVP) ශ්‍රී ලංකාව බටහිරට බිල්ලට දෙන එක ඔවුන්ද නොදැන ම කරන දෙයකි. ඔවුන් සමග ශ්‍රී ලංකාවට ගමනක් ඇතැය් නොපෙනේ.       
   
3. මේ පාලකයන් අතරින් එක් අයෙකු හෝ, බටහිර බලපෑම් අමතක කර, ලංකාවේ ගමන බටහිරයන් නිසා නැවැත් වුනු, ඇනහිටුණු තැනින් පටන්ගෙන රටට නව ආරම්භයක් දීමට, රට, ජාතිය එහි අය්තිහාසික පදනම, සංස්කෘතික පදනම, භාෂාව, විවිධ ජාතීන්ගේ සහ ඔවුන්ගේ පොදු භාෂාවන්ගේ පැවැත්ම, ඔවුන්ගේ සංස්කෘතික සහ ජාතික විඥානය ගරු කරමින් ඒකීය ශ්‍රී ලංකාවක්, එක ධජයක් යටතේ පොදු සංස්කෘතියක් යටතේ එක් කරන්නට අවංකව උත්සහ කළේ නැති බව අද ඉතාම පැහැදිලිව පෙනේ. උත්සහ නොකළේ ම නැතැය් කියා කෙනකු කිවත්, ඒ උත්සාහයේ ප්‍රතිඵල ගැන සාක්ෂි නැත. මේ නිසා කිව යුත්තේ අපට හිස් වචන වලින් පලක් නැති බවය්. දේශපාලකයෝ ජනතා මුදලින් ඔවුනොවුන් කා කොටා ගනිති. නඩු කියති. යාලු වෙති. සතුරු වෙති. ජනතා මුදලින් නමුත් රහසිගත වැ එකිනෙකා  සන්ධානගත වෙමින් අපරාධ සගවා ගනිති. සතුරන්ට නිතිය ක්‍රියාත්මක කරති. මිතුරන්ව රැක ගනිති.

4. ජනතාව මෝඩයාට ඇන්දවීම අවසන් නැත. ශ්‍රී ලංකාවේ ජනතාවද මහා ලොකු සාක්ෂරත්වක් තිබුනත්, 21 සියවසේ මානසිකත්වයෙන් බොහෝ දුර සිටින්නෝ බව ද පිළිගත යුතුය. උදාහරණයකට දේශපාලකයන්ට හෝ රාජ්‍ය සේවකයන්ට හෝ සාමාන්‍ය ජනතාවට හෝ ඒඩ්ස් රෝගය ගැන වැටහීමක් නැත. අනෙක් ඉතාම ආසන්න උදාහරණය හැටියට සරත් ෆොන්සේකා නම් පුද්ගලයා ගනිමු. ඔහු කොතරම් මානසික අවපීඩනයෙන්, පළිගැනීමේ චේතනාවෙන් පෙළුණු බවත්, ඔහුගේ මුහුකුරා නොගිය ගැටවරයෙකු මෙන් එකට එක කිරීමේ දැඩි වුවමනාවෙන්, කල් යල් බලා සිටිය මානසිකත්වයත් බලන්න. මිට දින කීපයකට පෙර ඔහු පාර්ලිමේන්තුවේදී කළ කතාව ඇසු අයට, ඔහු ඇමති වරයෙක් වශයෙන් සාක්ෂාත් කරගත්තේ ඔහුගේ පළි ගැනීමය්. ඔහු කළ කතාව ඔහුගේ ළමා හදවතේ වේදනාවය්. ඔහු නොකළේ හැඟුම් බරව හඬන එක පමණය්. ඔහු මේ පළිගැනීමේ අවස්ථාව ලබා ගැනීමට කොතරම් කැප කිරීම් කළා දැය් අපට වැටහේ. මේ සඳහා ඔහු, ඔහුම අනුමත නොකරන දේ පවා කරන්නට ඇතය් දැන් වැටහේ. නමුත්, ජනතාවගේ පැත්තෙන් අපගේ ස්ථාවරය නම් කිසිවෙකුත් පළි ගැනීමේ චේතනාවෙන් පාර්ලිමේන්තුවට යන්නට සිතීම ජනතා හිතවාදී නොවන බවය්. එය ජනතා විරෝධී, සදාචාර විරෝධී සහ න්‍යාය විරෝධී වේ. මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ දේශපාලනය ක්‍රියාත්මක වුයේ මෙසේ බව පැහැදිලිය. ජනතා මුදලින් ඔවුන්, ඔවුන්ගේ පුද්ගලික දේ කර ගනිති. මෙය ශ්‍රී ලංකාවේ දුෂිත දේශපාලනයය්.

"අසන්න සගය්නේ මෙය නෑසුන යය් කියන්නෙපා
මහපොළවේ කුණුකසල වළලන්න කාලයය් මේ"  

මෙය මා ඉංග්‍රීසි බසින් ලියු ලිපියක් ඇසුරෙන් කළ සැකසුමකි.

Monday, 8 February 2016

CONVERSATIONS with Sinhala Sangedama (ideas on a video): Ajith Rohan JTF, Rome

සංවාද සටහන් උපුටන

මේ සටහන යෙදුවේ “සිංහල සංගේදම” විසින් ෆේස් බුක් ඔස්සේ ප්‍රචාරය කළ විඩියෝ පටයක් සම්බන්ධවය්.

ආචාර්ය චමිල ලියනගේ මහතා කී පරිදි, මාසයකට ආසන්න කාලයක් පුරාවට සූදානම්ව කළ කතාවේ අන්තර්ගතය පිලිබඳ යමක් ලියන්න සිතුනේ, එතුමා, දැනට ශ්‍රී ලංකාවේ පැහැදිළිව ම මතුවී ඇති අසහනකාරී තත්වය ට හේතු සහ ඒ වෙනුවෙන්, කිසිදු දේශපාලන හෝ වෙනත් වාසි ලැබීමේ පටු චේතනාවෙන් තොරව (එසේ යය් විශ්වාස කරමු), ජනතාව දැනුවත් කිරීම ඇතුළු විවිධ විසඳුම් සෙවීමට ඉදිරිපත් වී ඇති කණ්ඩායමක් නියෝජනය කරන බැවිණි. ආචාර්ය තුමා පොදුවේ ගත් විට කවුරුත් දන්නා ජනප්‍රිය අදහස් පෙළගස්වා යමක් කියන්නට උත්සහ කළ බව පිළිගත යුතුය. මෙහිදී ආචාර්ය තුමා පර්යේෂණයන්නට දෙන ලද නිර්වචනය පිලිබඳ අප පුදුම වෙමු. එය ඇසිමෙන්, එම කතාව මාසයක් පුරාවට සුදානම් වී කළ කතාවක ට වඩා, ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියේ ෆේස් බුක් විඥානය නියෝජනය කළ කතාවක් බව පැහැදිළි විය. මේ අනුව, ආචාර්ය චමිල ලියනගේ මහතා ට පර්යේෂණ කිරිම යනු ෆේස් බුක් එකේ පෝස්ට් තේරුම් ගැනීම වේ (සන්දර්භයට අනුව?). එසේම ආචාර්ය තුමා ම කියන අයුරින් එතුමා කතා කළේ ප්‍රබුද්ධ පුද්ගලයන්ට මිස ගමක දායක සභාවකට නොවේ (සභාවේ සිටි ප්‍රබුද්ධ පුද්ගලයන් මේ ගැන කරදර විය යුතු නොවේ). එම නිසා යටි ගිරියෙන් කෑ ගැසීමට අවැසි නොවන බවත්, සන්දර්භය තේරුම් ගැනීමට අවැසි තොරතුරු ලබා දීම කළ යුතු බවත් පැවසිනි. එතුමා ඒ අනුව, ශ්‍රී ලංකාවේ, පොදුවේ නගරබද ෆේස් බුක් පාවිච්චි කරන මධ්‍යම පන්තියේ ඉච්ජා භංගත්වය දල වශයෙන් ප්‍රකාශ කරන පෝස්ට් වල එන අදහස්, ප්‍රබුද්ධ යය් එතුමා ම හැඳින්වූ පිරිසකට ඇද බෑවේ යය් කිවොත් අතිශයෝක්තියක් නොවේ. කරුණාකර සටන් කරන්න යන්න පෙර හොඳින් සුදානම් විම අවශ්‍ය බව නිතර මතක් කර ගන්න. ප්‍රබුද්ධ පිරිස් මේ අයුරින් සුදානම් කරන්නේ නම් ගමේ දායක සභාවකෙසේ දැනුවත් කරය් ද? එකකට එකක් පරස්පර විරෝධී අදහස්, සටන් පාඨ, ජනප්‍රිය අදහස් ආදිය ඇද බෑම සටන් කිරීම හෝ සුදානම් විම හෝ නොවේ, එය සටන් දිය කිරීම වේ. කෙසේ නමුත්, ඉදිරියේ දී වත්, පොදුවේ කාටත් පිළිගත හැකි හොඳින් සුදානම් වූ ජනතා දැනුවත් කිරීම් සිදුවේ නම් ඒ අපේ රට ට කරන යහපතක් බව කියමු. ස්තුත්ය්.


සිංහල සංගේදම අජිත් රෝහන ජේ ටී එෆ් මහතාණන්ගේ පිළිතුර අපගේ සැළකිල්ලට භාජනය විය. එය කදිම පිළිතුරකි. පළමුව ස්වකීය අදහස් පළකිරීමට එතුමා (හෝ ඕනෑම) පුද්ගලයකු සතු අයිතිය අපි පිළිගනිමු. ඒ අදහස් දැක්වීම වැදගත්ය. එය අපගේ ඉදරි කටයුතු සංවිධානයේදී බෙහෙවින් වැඩ දායකය. 

සිංහල සංගේදමේ භාවිතාව සම්බන්ධයෙන් එතුමා දක්වා ඇති අදහස්ද, ප්‍රස්තුක දේශනය සම්බන්ධයෙන් එතුමාට උද්ගතවී ඇති අර්බුධයද අවභෝධ කර ගැනීම උගහට නොවේ. මේ දේශනය පැවැත්වූ සන්ධර්භය, එතැන සිටි පිරිස (දායක සභාවක් නෙවේයැයි කීමෙන් විශේත කොට දක්වා එම ග්‍රාහක පිරිසට ලබාදුන් අර්ථකතනය අනුව අදහස් වූයේ එතැන සිටින්නේ ශුද්ධ හෝ සමාජ විද්‍යා හෝ මානව ශාස්ත්‍ර පශ්චාත් උපාධි හදාරනළ පර්ශේෂන ක්‍රමවේදයන්හි කෙළ පැමිණි පිරිසක් බව නොවේ), හෝ අඩුමතරමින් සමස්ථ දේශනයම නො අසා ස්වකීය පර්යේශන පාන්ඩිත්‍යත්, ඒ පාන්ඩිත්‍යය තුළ මේ දේශන මාලාවේ සමාරම්භක අවස්ථාව ඉතා උපක්‍රමශීලි සූක්ෂම ක්‍රමයකින් හෑල්ලුවට ලක්කිරීමටත් අජිත් රෝහන මහතා ගෙන ඇති උත්සාහය ප්‍රශස්ථය. සිංහල සංගේදම හෝ එහි විද්වතුන් වෙනුවෙන් ඉදිරි වැඩඩසටහන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට එතුමා ඉදිරිපත්වීම අප තුළ මිශ්‍ර හැගීම් ඇති කරන්නටත්, එතුමා නියෝජනය කරන (හෝ අභාසය ලබා ඇති) සමාජමතවාදය පිළිබඳ ඉගියක් ජනනයටත්, එතුමා පසුපස සිටින්නන් පිළිබද අදහසක් ලබා ගැනීමටත් පසුබිම සකසයි. සමාජමිතික පර්යේෂණ සම්බන්ධයෙන් අපි එතුමාට වෛෂයික දේශනයක් පවත්වා, අන්තර් ජාලයේ නිරීක්ෂන පර්යේශනාත්මක නිමිති වන්නේ කෙසේද යන්න වටහා දීමටැ ඉදිරිපත් නොවෙමු. එහෙත් ඉදිරියේදී අප පවත්වන දේශන සඳහා සහභාගි වන්නටද, ඒවාගේ අඩුපාඩු පෙන්වා අප ගමන ශක්තිමත් කරන්නටද ආරාධනා කරමු. තෙරුවන් සරණයි! 

(ප.ළි - අපි සදය විචේනන අගයමු. නිර්දය විවේචන බෙහෙවින් අගයමු. කුහක විවේචනද ඉවසමු)



අපගේ පිළිතුර - 08. 02. 2016 Rome, Italy.


පළමුවෙන් ඔබගේ වගකිවයුතු පිළිතුර සම්බන්ධව සතුටු වෙමු. නැවතත් මේ ගැන සාකච්චා නොකර සිටීමට සිතුවත්, මෙම පිළිතුරේ අප පිලිබඳ සහ අපගේ අදහස් සම්බන්ධයෙන් නිර්මාණය කරගෙන (දිය කොරහේ කිඹුලන් දැකීම, මිතුරෝ, සතුරන් සේ දැකීම: paranoid or/and narcissistic visions) ඇති රුපය ගැන යමක් කීම වටනේයය් සිතුවෙමු. මේ ලියන “අපි”, තමා වටා තමාගේ සෙවනැල්ල පමණක් ඇති, ඒ ඒ රටේ නගරයේ සමාජ-දේශපාලනික-ආර්ථික-සංස්කෘතික සන්දර්භය සහ පොදු මිනිස් වටිනාකම් වලට ට සාපේකෂව අන්‍යොන්‍ය ගෞරවය සහ නිදහස මූළික සමාජ සම්බන්ධතා අගයන් වශයෙන් ඇති, ඕනෑම පුද්ගලයෙකුගෙන් ඉගෙනීමට, වටහා ගැනීමට සුදානම්, නම්‍යශීලි මානසිකත්වයක් උපතින් හිමි කරගත් ජිවිත කාලයම උපයන සෑම මුදලක් ම ඉගෙනීම සහ ශාස්ත්‍රීය පර්යේෂණ  වෙනුවෙන් යෙදු, ස්වාධින එක පුද්ගලයෙක් වේ. “අපි” වශයෙන් ප්‍රථම පුරුෂ බහු වචනය යොදන්නේ “මම” සිටින්නේ, අන් අය සිටින නිසා බැවිනි. ඒ හැර, අප පසු පස හෝ ඉදිරි පස හෝ කුමන හෝ පසෙකින් හෝ කිසිවෙකුත් නැති බව කියමු. අපි, ඔබ සංවිධානය සහ ඔබ වැනිම, අප ඉපදුනු, සැමදා ගෞරවයෙන් ආදරයෙන් සලකන, බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ සිංහලේ සංස්කෘතිය සහ ඉතිහාසය රැක ගන්නට කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ඇසුරු කරමු, ඒ අය කරන කටයුතු සක්‍රියව අගය කරමු. සංවාදය යනු අන්‍යොන්‍ය නිවැරදි කිරීම් (constructive critique) සඳහා සේම, තමා වටා සිටින “අන් අය” පිළිගැනීම සඳහා අප උපයෝගී කරගන්නා මාධ්‍යය වේ. විවේචනයෙන් කෙනෙකුව හෝ සංවිධාන හෝ අගෞරවයෙන් සැලකීම අපගේ අරමුණ නොවේ. නමුත්, කරන්නන් වාලේ කිරීම සහ අබල දුබල වූ සිංහල ජන විඥානය කපටි හෝ තිබෙන එකම ඇසද දුර්වල එකැස් යෝධයන්ගේ ගොදුරක් හෝ/සහ පිනුම් ගසන තෝතැන්නක් හෝ විම ට යන්නේ දැය් විමසිල්ලෙන් බලා සිටිමු.

අන්තර්ජාලය ගැන අප කියූ දේ නැවත කියවා බලන්න යය් ඉල්ලමු (අප විවේචනය කර ඇත්තේ කුමක් දැය් නිහතමානිව බලන්න). එවිට අන්තර්ජාලය එකම පර්යේෂණ විදිය වශයෙන් ඔබ කියා ඇති දේ ගැන වටහා ගත හැකි වේ යය් සිතමු. අන්තර්ජාලය අද බටහිර විශ්ව විද්‍යාල වල පිළිගත් එක් පර්යේෂණ මාධ්‍යයකි. ඒ ගැන අපට වෙනත් දැනුම් අවැසි නැත (ශ්‍රී ලංකාවේ දැනට ඇත්තේ බටහිරින් කොපි කළ අධ්‍යාපන ක්‍රමයක් බැවින්, අපට මේ ගැන බටහිරින් ඍජුවම දැන ගත හැකී වූ බව පවසමි). අප ඔබට, එනම් ඔබගේ අනාගත කටයුතු සම්බන්ධව කිසිදු නිර්දේශයක් කර නැත්තෙමු. විද්වතුන් (?) තව දුරටත් ඔබ මෙන් අන්තජාල පර්යේෂණ, එනම්, ෆේස් බුක් පෝස්ට් තේරුම් ගැනීම ඔස්සේ ම ජනතාව දැනුවත් කරන්නෝ නම් ඒ ඔබගේ නිදහසය්. එසේම ඒ ඔබගේ සහ ඔබ අනුගමනය කරන්නන්ගේ ප්‍රශ්නයකි. නමුත්, පසුගිය සටහනේ අප බලාපොරොත්තුවක්, (නිවැරදි මං ඔස්සේ පර්යේෂණ කර- ෆේස් බුක් පෝස්ට් පමණක් නොවේ නිවැරදි තොරතුරු ලබා දේ යය් ?) ගැන සටහනක් තැබුවේ ප්‍රශ්නාර්ථයක සිටම බව මෙහි සටහන් කරමු.        


            

WATER - Man, The Narrator. The protagonist of the Auto-biographical story.

WATER - Man, The Narrator. The protagonist of the Auto-biographical story.
"No man, therefore No world". Man is the creator of his world within that so-called "natural world".