Featured post

Towards a Complementary Humanism - save humanism and human world - by Ajith Rohan J.T.F.

  Common Objective – "Save humanity and the human world." By "human world," we refer to the "man-made world...

Tuesday, 19 January 2016

Temporal Military State for Sri Lanka - Ajith Rohan JTF

 

1. සිංහලේ ට තාවකාලික හමුදා රජයක්

1.1. සිංහලේ හෝ ශ්‍රී ලංකා හෝ කුමන හෝ නමෙකින් හැඳින්වුවත්, බුදු දසුන ආලෝකය කරගෙන මේ රටේ ඉතිහාසය ට සහ සංස්කෘතිය ට පදනම් දැම්මෝ පැරණි සිංහලයෝ මැ වෙති. වත්මනෙහි, සිංහලයෝ බටහිර සංස්කෘතියෙන් සහ නොයෙක් උපක්‍රම මගින් අනන්‍යතාවක් නැති, පිට කොන්දක් නැති අවජාතකයන් බවට පත් කර සිටිති (මේ අනුව බලන කල, ඉස්ලාම්, තම අනන්‍යතාවය රැක ගැනීම සඳහා සටන් වැදීම අගය කරමු. සංස්කෘතික හා ජාතික වශයෙන් අවජාතක විමට වඩා, සටන් වැදී ම හෝ රට හැර යාම යෙහෙකි). අද සිංහලයෝ තම රට ජාතිය නොහඳුනති. ඔවුන් බටහිරයන් පුරුදු කළ ආකාරයට, නමුත්, කිසිම බටහිර රටක නැති සහජීවනයක්, සංහිඳියාවක් ගැන සිහිනෙන් මෙන් නමුත් මරුවිකලෙන් දොඩවති. මේ තත්වයෝ එනම් ජාතික සමගිය, සහජීවනය, සංහිදියාව, ආදී සියල්ල තහවුරු විය යුත්තේ ව්‍යවස්ථාවකින් තහවුරු වූ බලවත් වූ රටක පමණි. එසේ නොවූ කළ මේ සියල්ල උගුල් සහ බටහිරයන්ගේ උපක්‍රම ම වෙති. සිංහලයෝ, තම දු දරුවන් නොහඳුන න තත්වයට පැමිණ ඇත. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ට ලිංගික අඩත්තේට්ටම් කරන තැන ට රට කරවන තැන ද පත් වී ඇත. මොවුහු රට ගැන ජාතිය ගැන නොසිතති. පොදුවේ ජාතියක් වශයෙන් එක් විය යුතු අවස්ථාවේ වෙන් වී බෙදී කටයුතු කරති. කෙටියෙන්ම ඔවුන්ට රටක් ඇතය් කියා හෝ නොහඟීති. 

1.2. මෙවන් වාතාවරණයක දී සිංහලේ ප්‍රශ්න වල ට විසදුමක් දීමට හැකියාව ඇත්තේ මේ වෙනුවෙන් පිහිටුවාගන්න තාවකාලික හමුදා රජයක ට පමණි. නමුත්, මේ ෆිස්කල් මිලිටරි රජයක් නොවී, රටේ පවතින ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා සිමා නියම කළ බලවත් රජයක් විය යුතුය. මෙහිදී විශේෂයෙන් රටට සිදුවන බාහිර ඇඟිලි ගැසීම් (බටහිර සහ ඉන්දියාව) වහාම නැවත්වීම හෝ ඒවා නොසලකා හැර කටයුතු කළ යුතුය. රට එක ව්‍යවස්ථාවක් එක භාෂාවක් (සිංහල) සහ පොදු එක සංස්කෘතියක් (බෞද්ධ සංස්කෘතිය) යටතේ එක්සේසත් කළ යුතුය. එසේ නැතහොත් (දෙවන විසඳුමක් ලෙස), බලවත්, සිංහල රජයක් පත්කර ගත යුතුය. මේ සඳහා සිංහලයන් එකමුතුව නමුත් ප්‍රජාතන්ත්‍රවාදීව වෙන්ව සටන් කළත් එක්වි රට එක්සේසත් කරන්නට කටයුතු කළ යුතුය (ආත්මාර්ථයෙන් නොව රට වෙනුවෙන් පමණක් මැ සිතා එක්වි කටයුතු කළ යුතුය). නමුත්, ගැන අප තුළ බලවත් දෙගිඩියාවක් පමණක් ඇතිවේ. එනම්, මෙම දෙවන කරුණ ගැන අප එතරම් විශ්වාසය නොතබමු. මන්දයත්, සිංහලයෝ සමගි කරන්නට හෝ එක මාර්ගයකට ගන්න ට හෝ බැරි, එකිනෙකාට විරුද්ධව කා කොටා ගන්නා ප්‍රාථමික මනසකින් ක්‍රියා කරන්නෝ බැවිනි. 

1.3. අභියෝගය 

නමුත්, වත්මන් ත්‍රිවිධ හමුදාවේ මේ වගේ නිර්භීත, සිංහලේට ආදරය කරන දක්ෂ සහ ඥානවන්ත හමුදා නිලධාරීන් සිටීද?

Wednesday, 13 January 2016

Sri Lanka and Srilankans - Ajith Rohan JTF - Rome

ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලාංකිකයෝ

නිමිත්ත

ශ්‍රී ලංකා භුමිය වසර 2500 කට වැඩි කලක් පෝෂණය කර ආරක්ෂා කළෝ සිව් හෙළයෝ වෙති. ලෝකයේ ලියවුනු ඉතිහාස (අඩුපාඩු සහිතව හෝ) ඇත්තේ ජාතින් දෙකකටය්: හෙබ්‍රෙව් (බය්බලය) සහ සිංහල (මහාවංශය ඇතුළු අනෙකුත් වංශ කතා) ජාතීන්ටය. මේ සිංහල හෝ සිව්හෙලය අඛණ්ඩව, සිංහල බස මැ කතා කලෝය. එසේම ඔවුන් බෞද්ධ දර්ශනය මත සිය නව ජිවිත පදනම් යොදා ගත්තෝය. මේ අනුව, එම ඉතිහාසය ද අඛණ්ඩව පැවත ආ බැව් කාටත් වැටහේ. ඒ අතරේ ද්‍රවිඩ, මුස්ලිම් සහ අනෙකුත් ජාතින් ශ්‍රී ලංකාවට යුද්ධ කිරීමට, වෙළඳාම් කිරීමට, රට විනාශ කිරීමට ආදී මෙකි නොකී බොහෝ අරමුණු වලින් පැමිණියෝය. ඒ පැමිණි අයගෙන් ශ්‍රී ලංකාවේ ජීවත්වීමට සිතූ අයව සිංහලයෝ විසින් සහෝදරත්වයෙන් පිළිගනු ලැබිණි. මේ අනුව, මේ පිටින් පැමිණියෝ අද පරම්පරා සිය ගණනක් පසු වූ නමුත්, තවමත්, ඔවුන් පිටින් පැමිණියෝ සහ සුළු ජාතිකයෝ මැ බව සිතන බව පැහැදිලි වේ. ඒ ඔවුන්ගේ සමානයෝ වෙනත් රටවල සිටින බැවිනි. මේ නිසා ඔවුන්ට අද ශ්‍රී ලංකාවෙන් වෙනම කොටසක් අවැසි වී ඇත. මේ නම් හතර බිරි කතාවෙකි. කෙසේ වුවත්, සිව් හෙළ වැසියෝ මේ භුමිය ගැන පමණක් සිතෙති. ඔවුන්ට වෙනත් රටක් නැත. ඒ ඔවුන්ගේ රටය්. 

මේ අනුව, ශ්‍රී ලංකාවේ ජිවත් වෙන්න ආව පිට ජාතිකයෝ ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියට සහ එහි වටිනාකම් වලට අනුව ජිවත් විය යුතුය. එසේ නොවේනම්, ඔවුන්ට අවැසි අයුරින් කටයුතු කිරීමට සහ එසේ ජිවත් වීමට ඉඩ දෙන රටකට යායුතුය (එවන් රටවල් ලෝකයේ කොතනකවත් නැත). සුළු ජාතින් වශයෙන් තමන්ව හඳුන්වාගන්නේ නැතිව පොදුවේ ශ්‍රී ලන්කිකය්න් සේ, එහි පොදු සංස්කෘතියට සහ වටිනාකම් වලට අනුව ජිවත් වෙන්නට හැකිනම් එයම මේ සියලු අවුල් වලට විසැඳුම වේ. නමුත්, එවන් පරිනත තත්වයක ශ්‍රී ලංකාවේ වෙසෙන ද්‍රවිඩ, මුස්ලිම් සහ අනෙකුත් ජාතින් සිටි යය් නොපෙනේ. විවධ ආගම් කරන්නෝද එලෝ විකාරෙන් මෙලෝ අතගාති. 

ආදර්ශ විස්තරය 


ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවල් ප්‍රශ්න වැල්වල පටලවා බටහිරයෝ දුරස්ථ පාලනයෙන්, දේශීය කළු සුද්දන් ලවා ඔවුන් ට අවැසි දේ කර ගැනීමේ ක්‍රමය ඉතා හොඳින් සිදුවෙමින් පවතී. ආර්ථික බලය යොදා ලෝකය ගෝලීය කරණය කරමින් “පළමු වරට උණු වතුර සොයාගත්” (හාස්‍ය උපදන) අය සේ, උද්දාමයෙන් පසුගිය දසක කීපයම ස්වරූප කාමයෙන් පසු කළ බටහිර, අද ආපසු හැරෙමින් සිටි. අද ඔවුන් මුල්ස්ලිම් ආක්‍රමණවලින් අවදි කෙරී ඇත. ත්‍රස්තවාදය ඔවුන්ගේ ගෙවල් වලට පැමිණ සිටි. නමුත්, පසු ගිය කාලයේ, පල්ලියද, තම ධන බලය, බටහිර බහු ජාතික සමාගම් බලය, බටහිර දේශපාලන බලය යොදා සර්වාගම් නාඩගමක් පටන් ගත්තෝය. ඔවුන්ට අනුව,සෑම රටක්ම බහු සංස්කෘතික වාදයක් අනුගමනය කළ යුතු විය. එසේම සර්ව ආගම් සංස්කෘතියක් බිහිකරන්නට උත්සහ කළෝය. නමුත්, අද මේ සියල්ල නැවත සාකච්චාවට බඳුන් වෙමින් පවතින අතර පළමු වරට මෙම බහු සංස්කෘතික සහ සර්වාගම් නාඩගම් අසාර්ථක වූ බව පිළිගත්තේ ජර්මනිය විය. අද යුරෝපයේ සියලු රටවල් තම තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්නට කටයුතු යොදා ඇත. ඔවුන්ට අනුව,ඕනෑම සුලු ජාතියක්, විදේශිකයෙක් යම් රටකට ඇතුල් වී ජිවත් වෙන්න සිතය් නම්, එසේ අවැසි නම්, ඔවුන් එම රටේ සංස්කෘතිය සහ නිතිය අනුව ක්‍රියා කළ යුතු බව ට අනපනත් සකස් කර ඇත. උදාහරණයකට, අප දැනට ජිවත්වන ඉතාලියේ නීතියට අනුව, දිගුකාලින විසා අවසරය ලබාගන්න පෙර ඉතාලි බස පිලිබඳ විභාගයක් කර එම සහතිකය ද ඉල්ලුම් පතට ඇමිණිය යුතුය. එසේ නැත්නම්, ඉතාලියේ, පාසල් සහතිකයක් හෝ විශ්ව විද්‍යාලයක උපාධි සහතිකයක් හෝ ඉදිරිපත් කළ යුතුය. මෙහි සියලු රාජකාරි කෙරෙන්නේ ඉතාලි බසිනි. මෙයම උතුරු අමෙරිකාවේද, ක්‍රියාත්මක වේ. බ්‍රිතාන්‍යයේ, මේ තත්වය ඉතාම දැඩි ලෙස සාමාන්‍ය ජිවිතයේද සිදුවේ. එනම්, යමෙක් නිවැරදිව ඉංග්‍රීසි බස කතා නොකලොත්, වෙළඳ සලකින් භාණ්ඩයක් මිලදී ගැනීමේ සිට ප්‍රවේශ පත්‍රයක් හෝ මිලට ගන්නට නොහැක. සාමාන්‍ය මිනිසුන් හෝ පිළිතුරු දෙන්නේ නැත. නමුත්, ශ්‍රී ලංකාවේ කළු සුද්දෝ, බටහිර පල්ලි නියෝජිතයෝ තවමත්, යල්පැන ගිය බටහිර සිහින අනුව එලෝ විකාරෙන් මෙලෝ අතගාන වැඩ කරති. වතිකාන රජයේ ඇමති වරයෙක් වන මැල්කම් රංජීත් පූජක තුමා, කටයුතු කරන්නේ ඔහුගේ රජයට බව අමතක නොකළ යුතුය. මේ පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නන් නිසා, පිඩාවට පත්වන්නෝ ශ්‍රී ලාංකිකයෝම වෙති.



Sunday, 10 January 2016

World Powerful and Rich Terrorist groups and West 01 - by Ajith Rohan JTF




ලොව දැනට සිටින ධනවත් සහ බලවත් ත්‍රස්තවාදී කණ්ඩායම් සහ බටහිර 01 

 

1. ත්‍රස්තවාදය නිර්වචනය කළ හැකිද

1.1. මේ සටහන ලියන මොහොත වන විට (10/01.2016) ත්‍රස්තවාදය හෝ ත්‍රස්‌තවදියා යන සංකල්ප නිශ්චිත ව වටහා ගැනීමට අපහසු වී ඇත. සැමදේම නිර්වචනය කරන බටහිර, ත්‍රස්තවාදය ගැන කුමන අදහසක් දරය් ද යන්න සොයා දැනගන්නට අප කළ උත්සාහය ව්‍යර්ථ වූ මුත්, මේ ගැන කෙටියෙන් නමුත්, පොදු සම්මුති වලින් බැහැරව, ස්වාධීනව හෝ සටහන් කරමි. ඒ ගොඩනැගෙන්නේ අපගේ පර්යේෂණ වල ප්‍රතිඵල නිසා ඒ ගැන අප සෑහිමට පත්වෙමු. නමුත්, අපගේ ක්‍රමය අනුව, නව ප්‍රශ්න අසමින් තව දුරටත් පර්යේෂණ කරන්නට ඉඩ තබමු.

1.2. ශ්‍රී ලංකාව, 2009 වසරේදී එක්තරා දුරකට නායකත්වය ට සහ භෞතික සම්පත් වලට පහර දීමෙන් LTTE ත්‍රස්තවාදය පාලනය කළේය. නමුත්, ත්‍රස්තවාදය සහ එහි අක්මුල් තවමත් පවතී. මේ වනවිට ඒවා දළුලමින් පවතී. ශ්‍රී ලංකාවේ ජනාධිපති, “නොබෙල් සාම ත්‍යාගය” ලබන්නට සිතා හෝ, හිටපු පාප් වරයෙකු අනුගමනය කරන්නට සිතා හෝ, (බටහිර ගැති, ප්‍රාදේශීය සහ ග්‍රාම්‍ය මනසක් ඇති කුරුමිට්ටෝ සම්මාන වලට මුව වී ලොක්කන්, යෝධයන් වෙන්නට සිතති පතති. මෙවන් ගැත්තෝ ශ්‍රී ලංකාවට හානියකි) මිනිමරු ත්‍රස්තවාදියෙකුට සමාව දී එතුමාගේ පදවි ප්‍රාප්තිය සැමරීම පිළිකුල් සහගත කටයුත්තෙකි. ජනපති බලතල යොදා කාට හෝ සමාව දෙන්නට උහුට හැකි වුවත්, එතුමා කළේ ශ්‍රී ලංකාවේ ජනතාව පවා දීමකි. අනෙක් පැත්තෙන් අපට එතුමාගේ පරස්පර විරෝධි සදාචාරාත්මක කතා, ජනතාව රැවටීමට කරන රඟපෑම් වල ප්‍රතිඵල සේ පෙනේ. 

1.3. ශ්‍රී ලංකාවේ ත්‍රස්තයෝ බටහිර ආධාර උපකාර සහ ආශීර්වාද ලැබුවෝ වෙති. එය අදටත් වෙනස් වී නැත.  මොවුන් සතුව තිබු යුධ ආයුධ සම්බන්ධව 03. 01. 2016 ඉරිදා දිවයින පුවත් පතේ වූ ලිපියට අනුව, පොදුවේ බටහිර රටවලට නිදහසට කිව හැකි යමක් වේදැය් සැක සහිතය්. නමුත්, ඔවුන්ට විරුද්ධව කළ හැකි දෙයක් ද නැත. මෙයට හේතුව කුමක්ද? බටහිර කරන වැරදි වලට ලොව කොතනකවත් නීති ක්‍රියාත්මක විමක් දක්නට නැත්තේ කුමන හේතුවක් නිසාද (“නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසාද”)? පොදුවේ ඉස්ලාම් ත්‍රස්තවාදය බටහිර විරෝධී බැවින් එයට අත්පොලසන් දීමට සිතේනම්, එය බටහිරට වලක්වන්නට හැකිද? මේ ගැන පසුවට සාකච්චා කරමු.  

1.4. කෙසේ වෙතත්, යම් රටක ජනතාව දැනුවත්ව, එකාවන්ව නැඟී සිටියොත්, බටහිරට ද කළ හැකි දෙයක් නැත. මේ ගැන අපට විශ්වාසය්. නමුත් ශ්‍රී ලංකාවේ ජනතාව එක් කිරීම “ලාහට ගෙම්බෝ එක්කරනවට” වඩා අපහසු දෙයකි. පළමුව, මේ ගැන ගැඹුරින් කතා කරන්නට පෙර, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මැඩලූ රජය සහ ත්‍රිවිධ හමුදාව, අපරාධ කරුවෝ වශයෙන් ශ්‍රී ලාංකිකයනට ඒත්තු ගන්වා ඇත. එය තව දුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අද බටහිර බලය මගින් ශ්‍රී ලාංකිකයින් ළවාම ඒ හමුදා නිලධාරීන් ට දඬුවම් ලබා දීමට තරම් ද්‍රවිඩ ත්‍රස්තයෝ සහ ඔවුන්ගේ මග යන්නෝ ක්‍රියා කරමින් සිටිති. ශ්‍රී ලාංකිකයෝ සැප (මර) නින්දේ සිටිති.

තව කොටසක් මි ළඟ අංකයෙන්.           

ISIS Ban Math, Music, Philosophy, Geography, History and French from their school - Ajith Rohan JTF - Rome



ISIS (අනාගත මුස්ලිම් අධිරාජ්‍යය) වෙතින් පාඩමක්

WATER - Man, The Narrator. The protagonist of the Auto-biographical story.

WATER - Man, The Narrator. The protagonist of the Auto-biographical story.
"No man, therefore No world". Man is the creator of his world within that so-called "natural world".