Featured post

Towards a Complementary Humanism - save humanism and human world - by Ajith Rohan J.T.F.

  Common Objective – "Save humanity and the human world." By "human world," we refer to the "man-made world...

Friday, 1 January 2016

Wahabism, Al Saud, IsIs = Muslim Racism and State without Bounderies? Ajith Rohan JTF



වහාබ්ස් වාදය, අල් සෞඩ් සහ ඉස්ලාම් රාජ්‍ය සංකල්පය = මුස්ලිම් ජාතිවාදය + ව්‍යාප්තිවාදය  


01.



1.1.සුන්නි සහ ශීයා

ඉස්ලාම් දහම, “සුන්නි” (අහ්ල් අල් සුන්නා: සම්ප්‍රදායේ ජනතාව) සහ “ශියා” (ශියාත් අලි: අලිගේ පක්ෂය) වශයෙන් බෙදෙන්නේ, මෙම මාර්ගය නැවත පණගැන්වීමට තෝරා ගත්තේ යය් ඔවුන් ව්ශ්වාසකරන, එසේම, අවසාන දිවැසිවරයා වශයෙන් ද සලකන මොහොමඩ් නබි තුමාගේ මරණයත් සමගය් (ක්‍රි.ව. 632 වසරේදී). එනම්, මොහොමඩ් නබි තුමාගේ මරණයෙන් අනතුරුව,  කවුරුන් විසින් මුස්ලිම් ගෝත්‍ර ජනයාට නායකත්වය දිය යුතුද යන්න තීරණය කිරීමේ විවාදයක් ඇති විය. මෙහිදී බහුතර ගෝත්‍ර සංඛ්‍යාවක් ඉස්ලාම් දහමේ චිරාගත හා සාම්ප්‍රදායික ශාඛාව වශයෙන්, මොහොමඩ් නබි තුමාගේ උපදේශක වූ, “අබු බක්ර්” ගේ නායකත්වයෙන් “සුන්නිවරු” ලෙස වෙන්වේ. අනෙක් පිරිස මොහොමඩ් නබි තුමාගේ ලේ නෑයෙකු වූ “අලි” සමග “ශීයා” වශයෙන් වෙන් වී මොහොමඩ් නබි තුමාගේ ඉගැන්වීම් වල එන දේශපාලනික, සමාජ සහ සංස්කෘතික මග පෙන්වීම් අනුව ජිවත්වීම තෝරා ගනී. මෙම බෙදීම විවධ කරුණු උදෙසා සිදුවන්නක් වුවත්, මුලික වශයෙන්, අල්ලාහ් නැමදිම නිවැරදිව කරන මාර්ගය තීරණ කිරීම වූ බව පැහැදිලිය. මේ අනුව සුන්නිවරු නිවැරදි මග ගත් බව පවසන අතර, ඔවුහු, සම්ප්‍රදායේ එන අයුරින් කටයුතු කරන නිසා නිවැරදි යය් සිතමින් ශීයා නිකායේ සාමාජිකයන් පහත් කොට සලකති. එනම්, සුන්නි නිකායට අනුව ශියාවරුන් අල්ලාහ් ගේ මග යන්නෝ නොවෙති. එනම්, ආදම් සිට නෝවාහ් දක්වාත්, ඉබ්‍රහිම්, ජේසුස්, ඉසහ්යා සහ අවසන් දිවැසිවරයා වූ මොහොමඩ් නබි තුමා දක්වාත් වන දිවැසි ඉගැන්වීම් ඔස්සේ යන්නෝ සුන්නි වරු පමණක් වෙතිය් යන අදහසට අනුව පෙර කී පරිදි ඔවුහු, එනම් ශියාවරුන් අල්ලාහ් ගේ මග යන්නෝ නොවෙති. මේ මුස්ලිම් ලෝකයේ ඓතිහාසික බෙදීම අද දක්වාම පවතී. 


1.1.1 ඉස්ලාම් සහ මුස්ලිම් දෙකක් නොවේ 


ඉස්ලාම් යනු, යටහත් පත්ව, ප්‍රශ්න කිරීමකින් තොරව හා කීකරුව අල්ලාහ් ගේ වචනයට සිතින්, වචනයෙන් හා ක්‍රියාවෙන් නතුව ජීවත්වීමේ ක්‍රමයය්. එසේම මුස්ලිම් යන පදයට ද මුල වන්නේ “ස්” හා “ල්” ශබ්ධයෝ බැවින්, ඉස්ලාම් යන පදයට දෙන ලද  තේරුම ම යෙදේ. මේ අනුව මුස්ලිම් හා ඉස්ලාම් යනු එකක් වශයෙන් ගතයුතුවේ. මේ අනුව මුස්ලිම් නිතිය යනු දෙවියන්ගේ නිතිය වේ. එයට සම්පුර්ණයෙන් නතු විය යුතුය.

Thursday, 31 December 2015

SRI LANKA ECONOMY, POWER OF TRILOGY AND NEW LEADRSHIP - Ajith Rohan JTF



ශ්‍රී ලංකා ආර්ථිකය, ගොවි, කම්කරු, ධීවර බලය සහ නව නායකත්වය   

 01. 
1.1. පසුගිය රජය, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලිබරල්වාදී පැත්තට යොමු කළේ, ඔවුන්ට ඒ ගැන අවබෝධයක් තිබු නිසා හෝ ඔවුන්ට ශ්‍රී ලංකාව හා එහි ආර්ථිකය ගැන දැනුමක් හෝ වැඩපිළිවෙලක් හෝ තිබුණ නිසා නොවේ. මහින්ද රාජපක්ෂ ඇතුළු රජයට ජීවයක් තිබුනේ, දසක කීපයක් ඇදී ගිය යුද්ධය ගැන තිබු ස්ථාවරය මතය. ඔවුන්ට ජනතාවගේ පොදු විඥානයට අනුව ක්‍රියා කරන්නට හැකියාව ලැබුනේ එම පොදු සතුරාට එරෙහි යුද්ධය, ජනතාව විසින් අනුමත කළ හා ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්නට සුදානම් ව සිටි නිසාය. එම යුද්ධය සමස්ත ජනතාවගේ ජයග්‍රහණයකි. එනම්, මහින්ද රාජපක්ෂ හෝ රජය හෝ කැප කිරීම් කරමින් බඳපටි තද කරගත්තේ නැතත්, ජනතාව තම දු දරුවන්ද රට වෙනුවෙන් පුජා කර රටේ සම්පත් යොදන්නට අනුමැතිය දුන්නෝය. මේ අනුව, රජය හා ජනතාව යුද්ධයෙ එක කොටසක් නිම කලෝය. මෙහි දී භෞතික වශයෙන් යුද්ධය දිනුවට, රාජපක්ෂ රජයට ඊළාම් මතවාදය හා මානසික තත්වය දිනන්න සැලැස්මක් නොවුණු බව අද අපි හොඳින්ම දකිමු. තවමත් ඊළම් සිහිනය, රට බෙදීමේ සිහිනය, මතවාදය අප අතරම හුස්ම ගනිමින් සිටිති. සිංහලයෝ සිහින ලෝකවල ජීවත්වෙති. රට පුරාම සතුරෝ පිරි ඇත. අතපය වකුටු කරන් නිදන්නට හුරු වූ සිංහලයෝ, එලෝ විකාරෙන් මෙලෝ අතගාමින් සිටි යය් කීම අතිශයෝක්තියක් නොවේ.
  
1.2. අනෙක් පැත්තෙන්, යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා ට හෝ රජයට හෝ රට ගැන අදහසක් නොවිය. රට ගැන අදහසක් ඔවුන්ට අදටත් නැත. ඔවුන් කළේ බටහිර කොපි කිරීමට අමතරව, බටහිරින් හා අනෙක් හිතවත් රටවලින් දෙන ආධාර හා පහසුකම් වෙත අවධානය යොමු කිරීමය්. මේ නිසා ඔවුන් දැන හෝ නොදැන ලිබරල් ආර්ථිකයක් වෙත රට තල්ලු කරමින් ගියෝය. වත්මන් රජය එම මාර්ගයම සුක්ෂමව වේගවත් කරමින් සිටි. ශ්‍රී ලාංකිකයෝ ඉඟුරු දී මිරිස් ගත් බව වටහා 
ගන්නේ නම් වටී.      


1.3. වත්මන් රජය, පැහැදිලිවම බටහිරවාදී රජයකි. ඔවුන්ට ශ්‍රී ලංකාව පිලිබඳ අදහසක් හෝ නැති අතර, රට ගැන දැන ගැනීමට සුදානමක් ද නැත. මෙතැනදී අන්ධ අනුකරණයෙන් කොපි කරන බටහිර ක්‍රම වේදයන් ගැනද වටහා ගැනීමක් ලබාගැනීම වටී. අද, බටහිර (බටහිර කියා ලියන කියනවිට යුරෝපය හා උතුරු ඇමෙරිකාව එක්කර වටහා ගත්තත් අප එය බටහිර හා අවැසි විට උතුරු ඇමෙරිකාව  වශයෙන් ද දක්වමු), විශේෂයෙන් යුරෝපය, ආර්ථික අස්ථාවරයක ගිලී සිටින බව කවුරුත් දනිති. වසර 20 පුරාවට යුරෝපයේ ජීවත්වෙමින් ලැබූ අත්දැකීම් ඔස්සේ, අපට කිව හැක්කේ ඔවුන්ගේ අසාර්ථක හා ජනතාව දුප්පත් හා කාලකන්ණි බවට ඇද දමන උපායන් වූ මුල්‍ය, එනම්, කොටස් වෙළඳ පොළ, බැංකු, රක්ෂණ හා දේපොළ (නිවාස, ඉඩම් ආදී) යන මාර්ග මේ වනවිටත් අසාර්ථක වී ඇති බවය්. උදාහරණයකට, මේ සටහන ලියන 31.12.2015 දිනය වන විට, ඉතාලියේ බැංකු 4 ක් (Banca Marche, Banca Etruria, Banca Cariferrara e Banca CariChieti) අසාර්ථක විමෙන්, ඒවායේ මුදල් තැන්පත් කළ සියලු දෙනා සියල්ල අහිමි වූ අසරණ තත්වයට පැමිණ සිටිති. ඉතාලි රජයට බැංකු 4 බේරා ගන්නට පොම්ප කරන්න මුදල් නැත. නමුත් පොරොන්දු දෙමින්, ජනතා විරෝධ අඩපන කරන උපාය මාර්ගය යොදා ගනිමින් සිටි. ඉතාලිය, ජනතාවගේ විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ජනතා ඉතිරි කිරීම් පරදුවට තබා කටයුතු කරන, දිනෙන් දින විසඳුම් නැති ප්‍රශ්න ඇතිකරන රටකි. මාෆියා ඇතුළු, හතු මෙන් පිපෙන, සංවිධානය වී රාජ්‍ය හා පෞද්ගලික අංශ වල අපරාධ හා වංචා කරන කණ්ඩායම් බිහි වන රටක් වී ඇත (උදාහරණයකට, රෝමයේ නගරසභාව සම්පුර්ණයෙන්ම මෙම අපරාධ කරන කණ්ඩයම් අතින් මෙහෙය වූ බවට හෙළි වී ඇත. මේ වන විට මේ ගැන පර්යේෂණ සිදුවෙමින් පවතී). අනෙක් පැත්තෙන්, මිට මසක පමණ කාලයක සිට ජනතාවට නිවාස ඇතුළු දේපොළ මිලදී ගැනීමට පහසුකම් සලසා දෙමින් ඒ ඔස්සේ විදේශ ආයෝජකයන් ගේ අවධානය ලබා ගන්නට උත්සහ කරන උපාය මාර්ගය වෙතද ගොස් ඇත. මේ මගින් තාවකාලික විසඳුම් ලැබෙන සෙයක් පෙනුනත් ජනතාවගේ මුදල් පරදුවට තැබීමක් මින් සිදුවන බව ඔවුන් නොදනී. දිනින් දින ජිවන වියදම ඉහල යමින් තිබේ. රැකියා විරහිත බව උද්දමනය ඉහල අගයන්ගේ පවතී. මේ අනුව ජනතාවගේ “ප්‍රයෝගික” ආර්ථිකය “කල්පිත” ආර්ථිකයකට බිලි දීම සිදුව ඇති බව අප ජිවත් වෙමින් හොඳින්ම වටහා ගත්තෙමු.        

1.4. මේ අනුව, ශ්‍රී ලංකාව මෙවන් බටහිර ආර්ථික ක්‍රම කොපි කිරීමෙන් ජනතාව විනාශයෙන් විනාශයටත්, දුප්පත් කමින් අන්ත අසරණ දුප්පත් කමටත් ඇද දමනු ඇත. නමුත්, අප සැම දන්නා පරිදි, අද මහත්මා දේශපාලනයක් නැති අතර, එය නැවත අනිවාර්යයෙන්ම ඇති කළ යුතු එකක් වී ඇත. එනම්, අද ජනතාව දුප්පත් අසරණ වුවත්, දේශපාලනය බිස්නස් එකක් කරගෙන පාර්ලිමේන්තුවට ගොස් ඇති මත්ද්‍රව්‍ය ගෙන්වන්නෝ හා බෙදාහරින්නෝ, අපරාධකාරයන් රකින්නෝ, අපරාධකාරයෝ, රටේ පරිසරය හා වනන්තර විනාශකරන්නෝ, ජනතා දේපොළ කොල්ලකන්නෝ, උම්මදයෙන් පෙලෙන්නෝ ආදී මෙකි නොකී ජනතා අධිකරණයකට ගෙනගොස් දඬුවම් කළ යුත්තෝ දිනති.


1.5. මේ අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම, ශ්‍රී ලංකවේ සම්පත්, ශ්‍රමය හා උපාය මාර්ග වටහා ගැනීමෙන් ආරම්භ කළ යුතු බව අපගේ ව්ශ්වාසයය්. මෙහිදී විශේෂයෙන් ගොවි, කම්කරු හා ධිවර බලය එක්තැන් කිරීම වෙත අවධානය යොමු කළ යුතුය්. අනික් පැත්තෙන් ජනතාව අමතක නොකළයුතු තවත් කරුණක් නම්, බටහිර ගැති කොපි ආර්ථිකයන් බලෙන් පටවන්න දත කන “කළු හමෙන්” යුත් “මොළ සුද්දෝ” ජනතා අරගල වලට බිය බව. අනෙක් පැත්තෙන්, ශ්‍රී ලාංකිකයාගේ ලේ වල, සටන් පාවා දීමේ ජාන, සහජයෙන්ම ඇතිව ඉපදෙන නිසා, දේශපාලන බිස්නස් කාරයන්ට, එවන් සටන් පාවාදෙන්නන් ඔස්සේ ජනතා සටන් මැඩ පවත්වන්න මෙතෙක් හැකි වී ඇති බවද සිහියේ තබා ගත යුතු වේ.මේ නිසා අද අපට ශ්‍රී ලංකාවට ආදරය කරන, එහි භෞමික අඛණ්ඩතාවය, සහ සියලු ජාතින් සහ ආගම එක් කරන බෞද්ධ සංස්කෘතිය පිළිගන්න හා එයට ආදරය කරන මානසික තත්වයක් පිළිගන්න, ස්වෙච්ඡවෙන් කටයුතු කරන නායකය්න් අවැසි වී ඇත.  

මෙම ලිපියත් සමග, අපි ශ්‍රී ලංකාවට ගැලපෙන ආර්ථික මාර්ගයක් ගැන සාකච්ජා කරන්නට අදහස් කරමු. මෙය ලෝකයේ විවිධ රටවල සමාජ, දේශපාලන, ආර්ථික, හා සංස්කෘතික අංග ඔස්සේ කරන පර්යේෂණ ඔස්සේ කරන්නට බලාපොරොත්තු වෙමු.      


අප මෙහි දැක්වූ පරිදි පුළුල් අධ්‍යයනයක් කළත් එම ලිපි පෙළ මෙහි පල නොකරමු. යමෙක් මේ ගැන දැනගන්නට සිතය් නම් අපගේ විද්‍යුත් ලිපිනයට ලියා තොරතුරු ලබා ගත හැක. මෙම blog එකේ පල කළ බොහෝ ලිපි, බුද්ධිමය සදාචාරයයකින් තොරව සොරා ගන්න බව අපි දනිමු. සමහර වෙබ් සය්ට් අපගේ ලිපි විකුණා මුදල් ද උපයන බව දැන ගතිමු. මේ නිසා ඉල්ලීමක් කලොත් පමණක් තොරතුරු දීමට සිතුවෙමු. නමුත්, අපේ බොහෝ ඍජු අදහස් එලෙසම පල කරමු. 08.06.2016 Rome

 

Tuesday, 29 December 2015

Buddhist culture only unites us as brothers and sisters. It is our common treasure of values.




Sri Lankans (Sinhala, Tamil, Muslim and others) shouldn’t be afraid or hesitate to think and to act according to their identity but on the base of Buddhist culture, because, the Buddhist culture only unites us as brothers and sisters. It is our common treasure of values to live peacefully in Sri Lanka.  

   

As we know clearly, after handing over the keys of the abandoned house called Sri Lanka to “white headed brown colour skin puppets” the British started to govern with remote controls. Those white headeds were (are) strange people (that time and also now) who, during foreign dominations, became their devotees, adopting even their religion, language and culture started to keep Sri Lanka for their name deceiving people of Sri Lanka. They converted to Buddhism just to trick people of Sri Lanka. Just think and observe present prime minister (Anglican) and former president Chandrika K.B. (Anglican),  they both have foreign frustrated minds. They hate Sri Lanka and Buddhist culture. Some says that Rajapaksa’s are Malay (?). These we write here, just to understand dishonest ways of playing political games in Sri Lanka (We never follow any division among people of Sri Lanka. We all are brothers and sisters, until we share the Buddhist culture as the basic platform to live respecting each other. That is our position).   


Well, in such a bad situation like this, I don’t wonder if the people of Sri Lanka have a strong cynicism towards politics, politicians and towards revolutionaries. But… the people of Sri Lanka are not so smart to lean the real nature of those crocodiles. They (people of Sri Lanka) believe in family names, powerful social figures, actors, actress, players and thugs, and they elect them as their leaders.  But, they pretend to be keen on selecting, while selling කැහි ගෑණි to buy හොටු ගෑණි.  Well, it seems, that cynic and doubtful mentalities are common to Sri Lanka. I mean, they are not used as orientations to select and to elect the best. 


Now in our opinion, it is not the time to play political games, but each and everybody has the responsibility to illuminate the people of Sri Lanka, highlighting true facts regarding conspiracies against the integrity of the country, of the people and of the sovereign state. The apologies no longer needed. Instead anyone who decides to work for the country, he/she must shows with deeds, behavior and with words his/her sincerity. As we know, the Left, the Right or other old little parties do not cross the real needs of the citizens of Sri Lanka. they work for Western and American strategies. They are puppets and traitors of Sri Lanka. Now, people need to be enlightened and prepare them to be strong to protect themselves and their country.

WATER - Man, The Narrator. The protagonist of the Auto-biographical story.

WATER - Man, The Narrator. The protagonist of the Auto-biographical story.
"No man, therefore No world". Man is the creator of his world within that so-called "natural world".