Featured post

Towards a Complementary Humanism - save humanism and human world - by Ajith Rohan J.T.F.

  Common Objective – "Save humanity and the human world." By "human world," we refer to the "man-made world...

Sunday, 27 December 2015

Review on the book of Magdi Allam, Islam, siamo nella guerra 2015, Rome.



පොත් විත්ති

 

“අපි යුද්ධ ප්‍රකශ කළ වාතාවරණයක සිටිමු. ඉස්ලාම්, මධ්යස්ථ ආගමක් නොවේ”

ඉස්ලාම් වලට බියවීම ෆොබියා එකක් නොවේ, එය යතාර්ථයකි. Magdi Allam


මෙසේ කියන්නේ අවුරුදු 56 දී කිතු දහම වැළඳගත් (22.03.2008), ඉතාලියේ වෙසෙන, ඉතාලි ජාතික කාන්තාවක් විවාහ කරගත්, දාවිදේ, සොෆියා සහ අලෙස්සන්ද්‍රෝ යන දරු තිදෙනාගේ පියා  වූ මග්දී අල්ලාම් (Magdi Allam) වේ. මග්දී අල්ලාම් ඊජිප්තුවෙ අගනුවර වූ කය්රෝ නුවර 22.04.1952 මුස්ලිම් පවුලක උපත ලද්දෙකි. ඉතාලියෙන් ලැබෙන ශිෂ්‍යත්වයකින් 1972 රෝමයේ සපියෙන්සා විශ්ව විද්‍යාලයට ඇතුලත් වී සමාජවිද්‍යාව පිලිබඳ උපාධිය ලබා වසර 35 ක් ඉතාලියේ ප්‍රධාන පෙලේ පුවත්පත් කීපයක වැඩ කළ ඔහු වර්තමානයේ  ඉස්ලාම් ආගම පිලිබඳ පොත් ලියමින් ඉස්ලාම් ආගම පිලිබඳ ව දැනුවත් කිරීමේ දුත මෙහෙවර කරන ප්‍රවීණ ජනමධ්‍යවේදියෙකි.

මග්දී අල්ලාම් ගේ ස්ථාවරයට අනුව ඉස්ලාම් යනු මධ්‍යස්ථ ආගමක් නොවන අතර, කොරානයේ, අන්‍ය ආගමිකයන් මරා දමන ලෙස ඍජු ලෙසම ලියා ඇති බව පේනවා දෙය්. එවන් ආගමක් ප්‍රජාතන්ත්‍රවාදී, අන්‍යොන්‍ය නිදහස ගරු කරන, ජිවිතයට ගරු කරන ලෝකයකට නොගැලපෙන බව පෙන්වා දෙය්. ඔහු ආගමික විශ්වාසය සහ තාර්කික බුද්ධිය අතරේ තිබිය යුතු ඍජු සම්බන්ධය පිලිගන්නෙකි.
           
මග්දී අල්ලාම් ගේ අලුත්ම පොත ISLAM, siamo in guerra (2015) (ඉස්ලාම්, අපි යුද්ධය තුළ වෙමු) වේ. ඊට අනුව, ඉස්ලාම් ආගම බලයේ ඇති කිසිම රටක, වෙනස් අදහස් දැරීමට හෝ වෙනත් ආගම්ඇදහීමට හෝ හැකියාවක් නැති බවත්, ඉස්ලාම්, යනු “ජිහාඩ්”, එනම්, “අන්‍යාගමිකයන්ට එරහි ව කරන ශුද්ධවූ යුද්ධය” බවත් පෙන්වා දෙය්. මේ අනුව ඉස්ලාම් බලය ඇති තැන, වෙනත් ආගමිකයන්ට හා වෙනස් මත දරන්නනන්ට, හිංසාව, ගෙල සිඳ මරා දැමීම, ගල් ගසා මරා දැමීම, දිව කපා දැමීම ආදී අනේක විද දඬුවම් විඳීමට සිදුවන බව, වත්මන් ඉස්ලාම් ලෝකය තුළින්ම උදාහරණ ගෙන පෙන්වා දේ. ඔවුන් එසේ කරමින් ශිෂ්ටාචාරවත් ලෝකයට කියන්නේ ඒ අයගේ ම්ලේච්ඡ ආදී සංස්කෘතිය සාධාරණ බවය්. නමුත් සත්‍ය නම්, මේ උදාවී ඇත්තේ 3 වන ලෝක යුද්ධයය්. ඒ වගේම වත්මන් ගෝලීය ආර්ථිකය, යුරෝවාදය, මාෆියා බලය සහ සපෙක්ෂ්වාදී වටිනාකම් ඇති පල්ලිය ද මේ යුද්ධයේ පන්ගුකරුවන් වශයෙන් ඔහු දක්වය්. මේ මගින්, ප්‍රායෝගික ආර්ථිකය විනාශ කර සාමාන්‍ය ජනතාව තව දුරටත් දුක්පත් කර ඔවුන් සුරා කෑමට සුදානම් කරය්. එසේම ජනතා බලයෙන් පත්වන රාජ්‍යයන් දුර්වලකර ප්‍රජාතන්ත්‍ර වාදය නැතිකර ලෝක අධිරාජ්‍ය වාදයකට මුල පුරන බව පෙන්වා දෙය්. විශේෂයෙන් ජනතාවන්ගේ අනන්‍යතාව නැති කර, පිට කොන්දක් නැති හුදු ඕපපාතිකයන් බවට මානසිකව ඒත්තු ගන්වන්න සියලු උපක්‍රම යොදාගන්න බව පෙන්වා දෙය්.

මේ තමා මේ ගැන සිහි එලවා කටයුතු කළයුතු වෙලාව. අපි දැන් 3 වන ලෝක යුද්ධයේ සිටිමු. ඔවුන් දිනන්නට සටන් කරන අතරේ අපි ඔවුන්ව සාධාරණිකරණය කිරීම හෝ, ඔවුන් සුරතල් කිරීම හෝ බිඩි බීපු කටුස්සෝ වගේ හේබාගෙන සිටීම හෝ නොවේ කළ යුත්තේ, සටන් කිරීමය්. එසේ නැත්නම්, අපව ඉස්ලාම් ත්‍රස්තවාදය විනාශ කරනු ඇත.


Tuesday, 24 November 2015

Cultural Empirialism - introduction 01

සංස්කෘතික අධිරාජ්‍යවාදය ට හැඳින්වීමක් / 01 

අපි මේ ලිපි පෙළ ලිවීමේදී, අපගේ විශේෂ අවධානය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් හා එම කලාපය යටත් කරගෙන සිටි බටහිර රටවල් වෙතද, යට කි රටවල් තව දුරටත් එම කලාපය යටත් විජිතයක් වශයෙන් වක්‍රාකාරයෙන් පාලනය කරන ආකාරය ද විමසීමට ළක් කරමු. 

මිට අමතරව ක්‍රම විද්‍යාව හැටියට පොදුවේ අන්‍යොන්‍ය ගෞරවය ආරක්ෂා කිරීම සඳහා හැකි හැම අවස්ථාවකම ඇසුරු කරන පොත පතේ නම් හා කතුවරයාගේ නම් ද ඉදිරිපත් කරමු. නමුත්, එකම අදහස, පුදගලයන් අතරේ කිසිදු සම්බන්ධයකින්, දැනුමකින් තොරව විවිධ තන්හි, විවිධ පුද්ගලයන් තුළ ජනිතවිය හැකි බව අපි ප්‍රයෝගිකවම පිළිගනිමු. 

එසේම මේ ලිපි පෙළ ලිවීමෙන් කිසිදු පුද්ගලයෙක්, හෝ ජාතියක් හෝ දේශයක් හෝ කලාපයක් හෝ වැරදි කරුවන් කිරීමක් හෝ නිර්දෝෂී කිරීමක් හෝ බලාපොරොත්තු නොවෙමු. නමුත්, අපගේ ලෝක දැක්මට අනුව, ඓතිහාසික කරුණු හා විශේෂයෙන් ජාතික මට්ටමෙන් කරනු ලබන නව පුරාවිද්‍යාත්මක සොයාගැනීම් වෙත හා දේශීය වශයෙන් කරන නව අර්ථදැක්වීම් වෙත අපගේ අවධානය යොමු කරමු. යටත් විජිත සමයේ ලියන ලද ඉතිහාස පොත පත හා මත හා වාද විවේචනාත්මක ඇසින් බලා විස්තර විභාග දක්වමු. ඒවා මුලාශ්‍ර වශයෙන් සළකා කටයුතු නොකරමු. 

අපට අවැසි වන්නේ ලෝකය අන්‍යොන්‍ය ගෞරවය හා නිදහස ගරු කරන තැනක් හා යුක්තිය හා සාධාරණය අනුව ජීවත්වීමට හැකි තැනක් වනු දැකිමය්. මේ සඳහා 21 වන සියවසේ මිනිසා සටන් කළ යුත්තේ ප්‍රඥාවෙන්, බුද්ධියෙන් හා අන්‍යොන්‍ය ගෞරවය මුලික වූ සංවාද ඔස්සේ පමණි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ජිවිතයේ වටිනාකම එක එක පුදගලයාගේ ජීවිතය හා සාපේක්ෂ වන බව සලකමු. ඒ හැර පුදගලයින්ගෙන් තොර, ප්‍රපඥ්ච වලින් තොර වාස්තවික ජීවයක් ගැන සැලකීමට නොහැකි බවද සළකා මේ ලිපි පෙළ ලියමු.

WATER - Man, The Narrator. The protagonist of the Auto-biographical story.

WATER - Man, The Narrator. The protagonist of the Auto-biographical story.
"No man, therefore No world". Man is the creator of his world within that so-called "natural world".