URGENT ATTENTION!
Save Humanism and Human World - by Ajith Rohan J.T.F.
Towards a Complementary Humanism Common Objective "Save humanity and the human world." By "human world," we refer t...
Wednesday, 13 January 2016
Sunday, 10 January 2016
World Powerful and Rich Terrorist groups and West 01 - by Ajith Rohan JTF
ලොව දැනට සිටින ධනවත් සහ බලවත් ත්‍රස්තවාදී කණ්ඩායම් සහ බටහිර 01
1. ත්‍රස්තවාදය නිර්වචනය කළ හැකිද
1.1. මේ සටහන ලියන මොහොත වන විට (10/01.2016) ත්‍රස්තවාදය
හෝ ත්‍රස්‌තවදියා යන සංකල්ප නිශ්චිත ව වටහා ගැනීමට අපහසු වී ඇත. සැමදේම නිර්වචනය
කරන බටහිර, ත්‍රස්තවාදය ගැන කුමන අදහසක් දරය් ද යන්න සොයා දැනගන්නට අප කළ උත්සාහය ව්‍යර්ථ
වූ මුත්, මේ ගැන කෙටියෙන් නමුත්, පොදු සම්මුති වලින් බැහැරව, ස්වාධීනව හෝ සටහන්
කරමි. ඒ ගොඩනැගෙන්නේ අපගේ පර්යේෂණ වල ප්‍රතිඵල නිසා ඒ ගැන අප සෑහිමට පත්වෙමු.
නමුත්, අපගේ ක්‍රමය අනුව, නව ප්‍රශ්න අසමින් තව දුරටත් පර්යේෂණ කරන්නට ඉඩ තබමු.
1.2. ශ්‍රී ලංකාව, 2009 වසරේදී එක්තරා දුරකට නායකත්වය ට සහ භෞතික සම්පත් වලට පහර දීමෙන් LTTE ත්‍රස්තවාදය පාලනය කළේය. නමුත්, ත්‍රස්තවාදය සහ එහි අක්මුල් තවමත් පවතී. මේ වනවිට ඒවා දළුලමින් පවතී. ශ්‍රී ලංකාවේ ජනාධිපති, “නොබෙල් සාම ත්‍යාගය” ලබන්නට සිතා හෝ, හිටපු පාප් වරයෙකු අනුගමනය කරන්නට සිතා හෝ, (බටහිර ගැති, ප්‍රාදේශීය සහ ග්‍රාම්‍ය මනසක් ඇති කුරුමිට්ටෝ සම්මාන වලට මුව වී ලොක්කන්, යෝධයන් වෙන්නට සිතති පතති. මෙවන් ගැත්තෝ ශ්‍රී ලංකාවට හානියකි) මිනිමරු ත්‍රස්තවාදියෙකුට සමාව දී එතුමාගේ පදවි ප්‍රාප්තිය සැමරීම පිළිකුල් සහගත කටයුත්තෙකි. ජනපති බලතල යොදා කාට හෝ සමාව දෙන්නට උහුට හැකි වුවත්, එතුමා කළේ ශ්‍රී ලංකාවේ ජනතාව පවා දීමකි. අනෙක් පැත්තෙන් අපට එතුමාගේ පරස්පර විරෝධි සදාචාරාත්මක කතා, ජනතාව රැවටීමට කරන රඟපෑම් වල ප්‍රතිඵල සේ පෙනේ.
1.3. ශ්‍රී ලංකාවේ ත්‍රස්තයෝ බටහිර ආධාර උපකාර සහ
ආශීර්වාද ලැබුවෝ වෙති. එය අදටත් වෙනස් වී නැත. මොවුන් සතුව තිබු යුධ ආයුධ සම්බන්ධව 03. 01. 2016 ඉරිදා දිවයින
පුවත් පතේ වූ ලිපියට අනුව, පොදුවේ බටහිර රටවලට නිදහසට කිව හැකි යමක් වේදැය් සැක
සහිතය්. නමුත්, ඔවුන්ට විරුද්ධව කළ හැකි දෙයක් ද නැත. මෙයට හේතුව කුමක්ද? බටහිර කරන වැරදි වලට ලොව කොතනකවත් නීති ක්‍රියාත්මක විමක් දක්නට නැත්තේ කුමන
හේතුවක් නිසාද (“නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසාද”)? පොදුවේ ඉස්ලාම්
ත්‍රස්තවාදය බටහිර විරෝධී බැවින් එයට අත්පොලසන් දීමට සිතේනම්, එය බටහිරට වලක්වන්නට
හැකිද? මේ ගැන පසුවට සාකච්චා කරමු.
1.4. කෙසේ වෙතත්, යම් රටක ජනතාව
දැනුවත්ව, එකාවන්ව නැඟී සිටියොත්, බටහිරට ද කළ හැකි දෙයක් නැත. මේ ගැන අපට
විශ්වාසය්. නමුත් ශ්‍රී ලංකාවේ ජනතාව එක් කිරීම “ලාහට ගෙම්බෝ එක්කරනවට” වඩා අපහසු
දෙයකි. පළමුව, මේ ගැන ගැඹුරින් කතා කරන්නට පෙර, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මැඩලූ
රජය සහ ත්‍රිවිධ හමුදාව, අපරාධ කරුවෝ වශයෙන් ශ්‍රී ලාංකිකයනට ඒත්තු ගන්වා ඇත. එය
තව දුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අද බටහිර බලය මගින් ශ්‍රී ලාංකිකයින් ළවාම ඒ
හමුදා නිලධාරීන් ට දඬුවම් ලබා දීමට තරම් ද්‍රවිඩ ත්‍රස්තයෝ සහ ඔවුන්ගේ මග යන්නෝ ක්‍රියා
කරමින් සිටිති. ශ්‍රී ලාංකිකයෝ සැප (මර) නින්දේ සිටිති.
තව කොටසක් මි ළඟ අංකයෙන්.
ISIS Ban Math, Music, Philosophy, Geography, History and French from their school - Ajith Rohan JTF - Rome
ISIS (අනාගත මුස්ලිම් අධිරාජ්‍යය) වෙතින් පාඩමක්
ඉස්ලාම් රාජ්‍යය (අනාගත මුස්ලිම් අධිරාජ්‍යය) සිය අධ්‍යාපන ක්‍රමය වෙනස් කරය්. මේ අනුව, බටහිර ගණිතය, බටහිර සංගීතය, බටහිර දර්ශනය, බටහිරයන් ලියු ඉතිහසය, ප්‍රංශ බස, සහ බටහිරයන් ලියු භූගෝලය යන විෂයන්, පාසල් එනම් රාජ්‍ය අනන්‍යතා පුහුණු වැඩසටහනින් (පාසල් අධ්‍යාපනය) ඉවත් කර ඇත. මේ සියලු විෂයයෝ, බටහිර ආධිපත්‍යය, ඔවුන්ගේ සංස්කෘතිය, සංස්කෘතික ආධිපත්‍යය සහ සීමා, සංකල්ප සහ පුරුදු ඔස්සේ මුස්ලිම් චින්තනය විකුර්ති කරන බව අඩුම ගණනින් ත්‍රස්ථවාදීන් හෝ අවබෝධ කරගෙන සිටින බව ඇසීම අපට එක පැත්තකින් සතුටක් ගෙන දෙන්නකි. අනෙක් පැත්තෙන්, මැදපෙරදිග දේශ සිමා නිර්ණය බටහිරයන්ගේ බලය යොදා කළ එකක් බැවින් එය ඔවුන්ට වැදගත් නොවන එකකි. ඔවුන් නැවත ඔවුන්ගේ අනාගත මුස්ලිම් අධිරාජ්‍යය සීමාවන්ගෙන් තොර වන බව ඔවුන්ගේ භූගෝල විෂයක් මගින් එහි සාමාජිකයන්ට උගන්වන්නට කටයුතු යොදා ඇත.