URGENT ATTENTION!

Save Humanism and Human World - by Ajith Rohan J.T.F.

Towards a Complementary Humanism    Common Objective   "Save humanity and the human world." By "human world," we refer t...

Sunday, 10 January 2016

World Powerful and Rich Terrorist groups and West 01 - by Ajith Rohan JTF




ලොව දැනට සිටින ධනවත් සහ බලවත් ත්‍රස්තවාදී කණ්ඩායම් සහ බටහිර 01 

 

1. ත්‍රස්තවාදය නිර්වචනය කළ හැකිද

1.1. මේ සටහන ලියන මොහොත වන විට (10/01.2016) ත්‍රස්තවාදය හෝ ත්‍රස්‌තවදියා යන සංකල්ප නිශ්චිත ව වටහා ගැනීමට අපහසු වී ඇත. සැමදේම නිර්වචනය කරන බටහිර, ත්‍රස්තවාදය ගැන කුමන අදහසක් දරය් ද යන්න සොයා දැනගන්නට අප කළ උත්සාහය ව්‍යර්ථ වූ මුත්, මේ ගැන කෙටියෙන් නමුත්, පොදු සම්මුති වලින් බැහැරව, ස්වාධීනව හෝ සටහන් කරමි. ඒ ගොඩනැගෙන්නේ අපගේ පර්යේෂණ වල ප්‍රතිඵල නිසා ඒ ගැන අප සෑහිමට පත්වෙමු. නමුත්, අපගේ ක්‍රමය අනුව, නව ප්‍රශ්න අසමින් තව දුරටත් පර්යේෂණ කරන්නට ඉඩ තබමු.

1.2. ශ්‍රී ලංකාව, 2009 වසරේදී එක්තරා දුරකට නායකත්වය ට සහ භෞතික සම්පත් වලට පහර දීමෙන් LTTE ත්‍රස්තවාදය පාලනය කළේය. නමුත්, ත්‍රස්තවාදය සහ එහි අක්මුල් තවමත් පවතී. මේ වනවිට ඒවා දළුලමින් පවතී. ශ්‍රී ලංකාවේ ජනාධිපති, “නොබෙල් සාම ත්‍යාගය” ලබන්නට සිතා හෝ, හිටපු පාප් වරයෙකු අනුගමනය කරන්නට සිතා හෝ, (බටහිර ගැති, ප්‍රාදේශීය සහ ග්‍රාම්‍ය මනසක් ඇති කුරුමිට්ටෝ සම්මාන වලට මුව වී ලොක්කන්, යෝධයන් වෙන්නට සිතති පතති. මෙවන් ගැත්තෝ ශ්‍රී ලංකාවට හානියකි) මිනිමරු ත්‍රස්තවාදියෙකුට සමාව දී එතුමාගේ පදවි ප්‍රාප්තිය සැමරීම පිළිකුල් සහගත කටයුත්තෙකි. ජනපති බලතල යොදා කාට හෝ සමාව දෙන්නට උහුට හැකි වුවත්, එතුමා කළේ ශ්‍රී ලංකාවේ ජනතාව පවා දීමකි. අනෙක් පැත්තෙන් අපට එතුමාගේ පරස්පර විරෝධි සදාචාරාත්මක කතා, ජනතාව රැවටීමට කරන රඟපෑම් වල ප්‍රතිඵල සේ පෙනේ. 

1.3. ශ්‍රී ලංකාවේ ත්‍රස්තයෝ බටහිර ආධාර උපකාර සහ ආශීර්වාද ලැබුවෝ වෙති. එය අදටත් වෙනස් වී නැත.  මොවුන් සතුව තිබු යුධ ආයුධ සම්බන්ධව 03. 01. 2016 ඉරිදා දිවයින පුවත් පතේ වූ ලිපියට අනුව, පොදුවේ බටහිර රටවලට නිදහසට කිව හැකි යමක් වේදැය් සැක සහිතය්. නමුත්, ඔවුන්ට විරුද්ධව කළ හැකි දෙයක් ද නැත. මෙයට හේතුව කුමක්ද? බටහිර කරන වැරදි වලට ලොව කොතනකවත් නීති ක්‍රියාත්මක විමක් දක්නට නැත්තේ කුමන හේතුවක් නිසාද (“නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසාද”)? පොදුවේ ඉස්ලාම් ත්‍රස්තවාදය බටහිර විරෝධී බැවින් එයට අත්පොලසන් දීමට සිතේනම්, එය බටහිරට වලක්වන්නට හැකිද? මේ ගැන පසුවට සාකච්චා කරමු.  

1.4. කෙසේ වෙතත්, යම් රටක ජනතාව දැනුවත්ව, එකාවන්ව නැඟී සිටියොත්, බටහිරට ද කළ හැකි දෙයක් නැත. මේ ගැන අපට විශ්වාසය්. නමුත් ශ්‍රී ලංකාවේ ජනතාව එක් කිරීම “ලාහට ගෙම්බෝ එක්කරනවට” වඩා අපහසු දෙයකි. පළමුව, මේ ගැන ගැඹුරින් කතා කරන්නට පෙර, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මැඩලූ රජය සහ ත්‍රිවිධ හමුදාව, අපරාධ කරුවෝ වශයෙන් ශ්‍රී ලාංකිකයනට ඒත්තු ගන්වා ඇත. එය තව දුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අද බටහිර බලය මගින් ශ්‍රී ලාංකිකයින් ළවාම ඒ හමුදා නිලධාරීන් ට දඬුවම් ලබා දීමට තරම් ද්‍රවිඩ ත්‍රස්තයෝ සහ ඔවුන්ගේ මග යන්නෝ ක්‍රියා කරමින් සිටිති. ශ්‍රී ලාංකිකයෝ සැප (මර) නින්දේ සිටිති.

තව කොටසක් මි ළඟ අංකයෙන්.           

ISIS Ban Math, Music, Philosophy, Geography, History and French from their school - Ajith Rohan JTF - Rome



ISIS (අනාගත මුස්ලිම් අධිරාජ්‍යය) වෙතින් පාඩමක්

Wednesday, 6 January 2016

Traitors of common consciousness and struggles of the people of Sri Lanka - By Ajith Rohan JTF, Rome


1. මිනිස් අපගේ පමණක් නොව සියලු ජීවීන් සම්බන්ධ සත්‍යය සිහිකරන (ඇතිවීම සහ නැතිවීම) අය අගය කරමු. මේ අනුව, ධර්මය ෆේස් බුක් ඔස්සේ ප්‍රචාරය කරන අය අගය කරමු. නමුත්, ධර්මය, ප්‍රචාරය කරන්නෝ බොහෝ විට ධර්මයේ පිහිටා, ඉන් ලැබෙන අත්දැකීම් අප හා බෙදා ගන්නේ නම්, එය හුදු අවවාද කිරීමක් නොව  ආදර්ශයක් මැ බැවින්, උසස් කොට සළකමු. ඒ වෙනුවට අපට දක්නට ලැබෙන්නේ වර්ණ, රූප සහ උපුටාගත් වචන, සටන් පාඨ යෙදු පෝස්ටර් පමණකී. සමහරු තම පක්ෂ බේරාගන්නට, ඒවාට කඩේ යන්නට බුදුදහම යොදාගන්න බව පැහැදිලිව පෙනේ. ඔවුන් ඇත්තටම අවංක අයද නැත්නම් ජනතා විඥානය දියාරු කරන්නෝ දැය් සොයා බැලිය යුතු වෙමු. නැත්නම් නැවතත් ජනතාවට, තමන් රැවටීමට ළක් වූයේය යන්න සිතමින් තැවීම හැර වෙන දෙයක් ඉතිරි නොවනු ඇත. රටක් කරවීම යනු පර්යේෂණයක් කිරීමට පිරිසකට බාරදීමක් නොවේ. එසේ සිතන්නෝ, ජනතාව පරදුවට තබා, ජනතාවගේ වියදමින් සූදු කෙළින්නට, පාදඩයන් පාර්ලිමේන්තුවට යවන්ට කඩේ යන්නෝ වෙති.  
  
2. ජිවිතයේ අනිත්‍යය, අපි ද නිරන්තරයෙන් සිහි කරමු. අපගේ අධ්‍යාත්මික වර්ධනය වෙනුවෙන් අපි නිරන්තරයෙන් කටයුතු කරමු. ෆේස් බුක් හි දකින අය, සාමාන්‍ය ගිහි පුද්ගලයෝ වන බව අපි දනිමු. මේ අනුව, අපි ප්‍රායෝගික වියයුතු වෙමු. සිඟාලෝවාදය බුදුන්වහන්සේ දෙසුවේ ද මේ ලොව දිවිය වෙනුවෙන් අනුගමනය කළයුතු නිවැරදි මං පෙන්විමටය්. මෙහිදී, බුදුන් වහන්සේ යොදාගන්නා උපමාවන්ගෙන් අපට සාමාන්‍ය ජිවිතයට ලබා ගත හැකි පාඩම් ගැන සිතා බැලීම ගැන පමණක් සිතමු. බුදුහිමියන් හා සුක්ඛත්ත අතර ඇති වූ සාකච්ඡාවට  අනුව (අධ්‍යාපනය ගැන), යමෙක් සර්පයෙකුට (උන්වහන්සේ මින්, අගතීන් හා නිවනට බාධා වන දේ කියන බව අප දනිම්, නමුත්, සන්දර්භයට අනුව අපගේ ප්‍රයෝගික ගිහි ජීවිතය ගැන සිතමු) අතක් හෝ ඇඟිල්ලක්  දිගු කළ විට උහු දෂ්ඨ කිරීමට ලක්ව මිය යාම නොවැලක්විය හැක්කකි. එසේම ගිනි හුලක් තම හිසට උඩින් අල්ලා ගැනීමෙන් සිදුවන දේ ආදී උපමා මගින් මිනිසා සාමාන්‍ය දිවියේදී ප්‍රායෝගිකව දැනුම, නුවන හා ප්‍රඥාව මෙහෙයවා කටයුතු කලයුතු බව පැහැදිලි කරය්. අපි දැන් ලෝකයේත් ශ්‍රී ලංකාවෙත් අත් දකින සමාජ, දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික අවුල් වියවුල් වලට විසදුම් ඇත්තේ ප්‍රඥාව, බුද්ධිය, ක්‍රමෝපාය, දැනුම ආදියෙන් පරිණතවූ පුද්ගලයන් ගන්න, සමාජ දේශපාලනයට බලපාන විසඳුම් මත බව ප්‍රායෝගිකව පිළිගතයුතු දෙයකි.

3. මේ අතරේ අප දහසකට ආසන්න, ෆේස් බුක් සාමාජිකයන්ගේ පිටුවලට ගොස් බැලුවිට මෙම සමජිකය්න්ගේ (ශ්‍රී ලාංකික) ප්‍රකටව පෙනෙන ස්වභාවයන් අනුව අන්ත දෙකක සිටින බව දුටුවෙමු. ඒවා අන්ත දෙකක් වශයෙන් හදුන්වන්නේ වටහා ගැනීමටය්. එනම්: දේවවාදී ආගම් හා ඒවාට සම්බන්ධ ජාතින් අන්තවාදීව තම ආගමික ග්‍රන්ථ වල එන ඉගැන්වීම් අකුරට පිළිපදින විට (සර්පයන් හෝ ගින්න ගැන සිතන්න) තව පිරිසක්, සතුරු ආක්‍රමණ (සර්පයන් සහ ගින්න උදාහරණ කොට ගන්න) තම නිවස තුළ සිදුවන විට, ජිවිතයේ අනිත්‍යය ගැන සිතමින් සිටීමට ආරාධනා කරති. 

4. කුමන මගක් නිවැරදි දෑය් අපි සිතා බැලිය යුත්තේ අප කවුරුන්ද යන්න ද වටහා ගැනීමෙනි. මෙය අපහසු කටයුත්තකි. නමුත් සාමාන්‍ය මනුෂ්‍යයන් හැටියට පළමුව, ලෝකයේ ජෛව වෙනස, පුද්ගල වෙනස හෝ කෙටියෙන් අප දකින වෙනස්කම් වලට අනුව ජීවත් විමට බිය වන්නෝ, වෙනස නුරුස්සන්නෝ වෙති ය් පැහැදිලිව කිය යුතුය. මේ අනුව, අන් මත හා නිදහස් තීරණ ගැනීම්වලට මුහුණ දෙන්නට බැරි නම් හා නිහතමානීව ජය පරාජය පිළිගන්නට අපහසුනම්, අන් අයගේ නිදහස බාධාවක් සේ සලකය් නම් එවන් අය මිනිස් සමාජය විනාශ කිරීමෙන් පමණක් නොනැවතී, ලෝකයද විනාශ කරමින් තමන්ගේ ජිවිතයද විනාශ කරගන්නෝ වෙතිය් කිම වරදක් නොවේ. මේ අනුව, ගින්නක් ඇති වූ විට අනිත්‍යය මෙනෙහි කිරීමට වඩා ප්‍රායෝගික වන්නේ, ඊට නිසි පිළියමක් සොයා, ගින්න නිවා, හැකි නම් ජිවිත බේරා ගැනිම බව කාටත් දැනෙන දෙයකි ය් සිතමු.  
5. මෙම සටහන තවත් දික් කරන්නේ නැතිව කිව යුත්තේ, ශ්‍රී ලංකාවේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් හා තවත් වෙනස් ජාතින් සිටින බව පිළිගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය දෙයකි. අනෙක් පැත්තෙන්, දුප්පත්, පොහොසත්, පන්ති වෙනස, හමේ පැහැය, උස, මහත, ලස්සන, අවලස්සන, භාෂා වෙනස, ලෝකය දකින ක්‍රම අනුව වෙනස අදී දහසකුත් එකක් වෙනස්කම් ඇතිබව ද පිළිගෙන ජිවත් විම ඉතාම වැදගත් වේ. අපි සියලු දෙනා  ම පළමුව, තම තමන්ගේ පවුල තුළ වෙනස් සාමාජිකයෝ වෙමු. මේ අනුව සමාජය සැදී ඇත්තේ වෙනස් පුද්ගලයන්ගෙන් බව වටහා ගතයුතු වෙමු. එනම්, මේ වෙනස මුළිකව පුද්ගල බද්ධ දෙයකි. එය ප්‍රධාන වේ. එය ඉන් පසු එන සියලු වෙනස් කම් වලට වඩා බරපතල බව අමතක නොකරමු. මේ වෙනස යමෙකුට පීඩා කරය් නම්, ඒ තැනැත්තේ පළමුව තමාව පිළිගන්නේ නොවන අතර, සමාජ විරෝධී ද වේ. තමාගේ ජාතිකත්වය, භාෂාව, තමාගේ ස්වභාවය, සමේ පැහැය, දක්ෂ අදක්ෂ බව ආදී සමාජ සංස්කෘතික මිනුම්, ආදී දහසක් දේ සෑම පුද්ගලයෙක් වටාම පවතින බව බියෙන් තොරව වටහා ගෙන පිළිගත යුතුවේ. මේ වෙනස, අප එකිනෙකා සම්පුර්ණ කරන ස්වභාවික ක්‍රම වේදය බව වටහා ගන්නේ නම් වඩා සැහැල්ලුවෙන් කටයුතු කළ හැකි වේ. 

6. මේ අනුව, ශ්‍රී ලංකාව ජාතින් කීපයක් එක්ව, එක සංස්කෘතියක් (බෞද්ධ සංස්කෘතිය හා ඒ හා බැඳුනු පොදු වටිනාකම්) පාදක කරගෙන සාමුහික ජිවිතයක් ගත කරන රටකී. ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අප සියලුදෙනාව එක්තැන් කරන්නේ ඒ බෞද්ධ සංස්කෘතියය්. මේ පොදු සන්දර්භය නැතිවී ගිය කළ සියලුදෙනා සතුරෝ පමණක් වෙති. රට බෙදා ගන්නට පටන් ගන්නේ මෙවන් අවස්ථාවලදී බව වටහා ගනිමු. මේ අනුව, යම් යම් අවස්ථාවල, යම් යම් හේතු නිසා කලබල ඇති විම ස්වභාවික වේ. මේ නිසා, යම් ජාතියක්, තමන්ගේ අනන්‍යතාවය අනුව කටයුතු කිරීම  වරදක් නොවේ. අපි මේ කෙටියෙන් ලියන්න සිතූ සටහන මෙසේ දික් වුයේ, සිංහලයින් ප්‍රායෝගික බවින් ඈත්ව, අස්වාභාවිකව කටයුතු කරන බවක් පෙනෙන නිසාවෙනි. ඔවුහු  පමණ ඉක්මවා, අන්තවාදීව කටයුතු කරමින්, තමන් වරදක් කරන්නෝ ය් යන රෝගී සිතෙකින් කටයුතු කරන බව පෙනේ. තම ජාතිකත්වය ගැන කතා කළ හැක්කේ ද්‍රවිඩ සහ මුස්ලිම් අයට පමණද? සිංහලයන්ට සිදුවන අසාධාරණයට, කෙනෙහෙලිකම් වලට, ජාතිය විනාශකර රට බෙදීමට, යන කරුණු හෙළිවී තිබෙනවිට ද, සිංහලයන් වෙනුවෙන් කටයුතු කරන්නට බලය ලබා ගන්නෝ ජනයා මුළාකොට ඔවුන්ගේ වාසිය ගැන පමණක් සිතා, රට උකසට තබා කටයුතු කරනවිට ද සිංහලයෝ අනිත්‍යය මෙනෙහි කරමින් සිටීම ද කළ යුත්තේ

7. මේ අනුව, ෆේස් බුක් ඔස්සේ ජනතා විඥානය සහ ජනතා සටන් දියාරු කරන පිරිසක් ද සිටින බවක් පෙනේ. මේ බක තපසුන්ට අනුව, තමන් සිංහල බව හෝ තම ජාතික උරුමයන් ගැන හෝ කතා නොකළ යුතුය. අපට වැටහෙන විදියට ඔවුන් කුමක්දෝ රෝගයකින් හෝ මානසික ආතතියකින් හෝ ජනතාව මෝඩයන් කරන්න හෝ වෙනත් කුමන හෝ උප්පරවැට්ටියකට අරාදින්නෝ බව පෙනේ. ඔවුහු ජනතා ප්‍රශ්න හෝ රටේ පොදු සමාජ දේශපාලනික, ආර්ථික, සංස්කෘතික ප්‍රශ්නවලට විසඳුම ලෙස, අනිත්‍යය මෙනෙහි කිරීම යෝජනා කරති. ඔවුහු වෙනත් කිසිදු ප්‍රායෝගික මගක් පෙන්වන්නෝ නොවෙති (විසඳුමක් ලෙස ඔව්න්ගේ පක්ෂයට චන්දය දෙන්නය් පමණක් කියති). ඔවුහු ජනතාව මුළා කිරීමට බුදු දහම යොදාගන්න කෛරාටික,ජනතා සටන් දියාරු කරන ද්‍රෝහියෝම වෙති. 

8. මේ අනුව, සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සහ අනෙකුත් සියලු ශ්‍රී ලංකාවේ සහෝදර සහෝදරියෝ එරෙහි විය යුත්තේ පොදු සතුරෙකුට විරුද්ධව බව අපි අවධාරණය කරමු. ඒ අපේ දුප්පත් කම, අසරණකම, බිය, සැක, සංකාව පාවිච්චි කරමින් තමන්ගේ වෙනස් සහෝදරයා, සහෝදරිය සතුරා, සැතිරිය බව ඒත්තු ගන්වා අප අතර යුද්ධ කලකෝලාහල ඇති කරන්නන්ට එරෙහිවය්. නමුත්, අප වෙනසට බිය වියයුතු නැත. අප අපගේ වෙනස සඟවා ගතයුතු නොවේ. වෙනසට ගරු කරමු, මන්ද ඒ අප එකිනෙකාව සම්පුර්ණ කරන බැවිනි. වගකීමෙන් යුතු නිදහස අගය කරමු, මන්ද, අප සියලු දෙනා සුවිශේෂී බැවිනි.