Featured post
Towards a Complementary Humanism - save humanism and human world - by Ajith Rohan J.T.F.
Common Objective – "Save humanity and the human world." By "human world," we refer to the "man-made world...

Thursday, 19 December 2019
Saturday, 14 December 2019
Thursday, 5 December 2019
Friday, 29 November 2019
Saturday, 23 November 2019
Monday, 4 November 2019
Sunday, 27 October 2019
Wednesday, 18 September 2019
Reflections on Sri Lanka Politics - short notes 01 (political philosophy) by Ajith Rohan J.T.F. Rome
ශ්‍රී ලංකාවේ අසන්තුලිත දේශපාලනය
(දේශපාලන දර්ශනය - කෙටි සටහන්) 01
Ajith Rohan J.T.F., Rome
The colonialism of the renaissance period has done irreversible damages to humanity. Even today there is still cultural colonialism of the West-USA. Moreover the new global colonialism by standardizing everything continues to block the whole world. Thus all types of terrorism, conflicts, poverty are consequences of these ongoing colonialism of West-USA. They are using also terrorists for their targets. So, terrorists are only those who disobey West-USA. Consequently, the world still fails to activate democracy.
පුර්ව යුග, සාක්ෂි සහිත විවිධ රාජාණ්ඩුක්‍රම, බටහිර යටත් විජිත යුගය, සර්වජන චන්ද බලය සමග නිදහස ලැබීම සහ ඉන් පසු යුගය ගැන ඓතිහාසික කරුණු (පිළිගත් ලියවිලි, සෙල්ලිපි, අන්තර්ජාතික සම්බන්ධතා සහ සාක්ෂි, පුරාවිද්‍යා සාක්ෂි සහ පර්යේෂණ ලිපි ආදිය) මත පදනම් වෙමින් විමසා ශ්‍රී ලංකාවේ ඉතිහාසය නැවත අර්ථ දැක්වීම 21 සියවසේ ශ්‍රී ලංකාවේ යහපත් ඉදිරි ගමනට අත්‍යවශ්‍ය දෙයකි. ශ්‍රී ලංකාවේ ඉපදී දැනට එහි වෙසෙන ජනතාව එක්සේසත් කිරීමට මේ ප්‍රයත්නය ඉතාම වැදගත් වේ යයි සලකමු. නමුත්, පුදුමයට කරුණ නම් මේ ගැන මෙතෙක් ශ්‍රී ලංකාවේ වසන සියලු ජාතීන්ගේ සහභාගිත්වයෙන් සැකසුනු කාටත් පිළිගතහැකි අපක්ෂපාති ලේඛනයක් සකස්වී නොමැති වීමයි. අප මෙසේ මෙහි වටිනාකම ගැන කතා කරන්නේ ඇයි? ලෝකය පුරා ඓතිහාසික වශයෙන් දිගින් දිගට සිදු වූ යටත් විජිත ගැන කාටත් දැනගත හැක. නමුත් බටහිර ලෝකයේ ග්‍රීක, රෝම, ඉස්ලාම්, හෙබ්‍රෙව් චින්තන සහ කතෝලික, ක්‍රිස්තියානි සහ ප්‍රොතෙස්තන්ත ආගම් ඔස්සේ බිහිවූ නව පුනරුදය සමග ශක්තිමත් වූ යටත් විජිත යුගය ලෝකය පුරා අඳුරු සහ මේ වන තුරුත් ජාතින් අතර යුද්ධ ඇතිවීමට හේතු වූ අති භයානක විශේෂ ප්‍රපංචයක් නිසාවෙනි.
නව පුනරුද යුගයත් සමග ඇති වූ යටත්විජිතවාදය රැල්ලක් මෙන් යුරෝපය පුරා පැතිරී ගියේය. යුධ, නාවික සහ ආර්ථික වශයෙන් බලවත් රටවල් තරඟයට මෙන් ලෝකය පුරා යටත් රාජ්‍ය ඇති කරගන්න කටයුතු කලෝය. මොවුන් අතින් සිදුවූ සාහසික අපරාධ වලින් ගහන වූ මේ ක්‍රියාවලියේදී ලෝකය පුරා අධ්‍යාපන, සංස්කෘතික සහ ආගමික යටත්විජිත වාදය ඉතාම භයානක අන්දමින් යොදා ගැනීම සිදු විය. ඒ සංස්කෘතික අධ්‍යාපනික ආධිපත්‍යය අදත් එනම් 21 සියවසේත් එලෙසම පවතී. නමුත් පැරණි යටත්විජිත ක්‍රියාවලියේදී සංස්කෘතිය, ආගම සහ අධ්‍යාපනය සිය යටත් විජිත වල යොදා ගත්තේ ඉතාම අල්ප වශයෙනි. උදාහරණයකට රෝමවරු මේ බලපෑම් යොදා නො ගත්තෝය. ඔවුන්ට අවැසි වූයේ රෝමයේ සුඛෝපභෝගී ජිවිත ගත කිරීමට අවශ්‍ය මුදල්, භාණ්ඩ සහ සේවය (වහල්) අඩුවක් නැතිව සපයා ගැනීම පමණි. එසේම ඔවුන්ගේ සිත් ගත් දෙවි කෙනෙක් කොතැනක දී කුමන හෝ දේශයක දී හමු වුනත් ඒ දෙවියන්ගේ රුපයක්, පිළිමයක් රෝමයේ ද ස්ථාපිත කරගැනීමට තරම් ඔවුන් නිදහස් විය (රෝමවරුන්ගේ ප්‍රධාන දෙවියෝ අධිරාජ්‍යයා විය). නමුත් නව පුනරුදයෙන් පසු එන බටහිර යටත්විජිත ස්වාමිවරුන් වූ පෘතිගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් ආදී ජාතීන් තමන්ගේ ආගම ට මුල්තැන දී, බයිබලයේ දෙවියෝ ලෝකයේ එකම ගැලවුම් කරු වශයෙනුත් ඔහුගේ ආශිර්වාදය ලද්දෝ සුදු බටහිර ජාතින් පමණක් ය වශයෙනුත් වූ ගෙතු කතන්දර පසුබිමෙහි තබා ඔවුන්ගේ ඉතිහාස නිර්මාණය කර යටත් විජිත වල හොඳින් හෝ නරකින් ඉගැන්විය. මෙසේ, ලෝකයේ පැරණි ගෝත්‍ර, ජාතින්, සංස්කෘතීන් ශිෂ්ටාචාර විනාශ කර විකෘති කළේ පල්ලි, පාසල් සහ ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ස්ථාපිත කළ විශ්වවිද්‍යාල ඔස්සේ ය. ඒ පැතිරවූ අඳුරු සහ භයානක ආකල්ප අද 21 වන සියවසේ ද ලෝකයේ පවතින ගැටුම්, යුද්ධ, ත්‍රස්තවාදය ආදියට බලපාන මුලික හේතු අතර ප්‍රමුඛත්වය ගනී. එසේම, මේ විකෘති කළ ඉතිහාස තවමත් සත්‍ය වශයෙන් සලකා ලෝකය පුරා සේම ශ්‍රී ලංකාවේ ද උගනිති. ඒවා ට උපාධි නම් සහතිකය දී තව දුරටත් යටත්විජිත යුග ම පවත්වාගෙන යාමට නිවට සහ දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ඉඩ දී ක්‍රියා කරති. බටහිර අනුමැතිය ලැබූ දේශීය විශ්ව විද්‍යාල වලින් බිහිවූ බුද්ධිමතුන් එඬේරුන් පසුපස යන බැටළුවෝ මෙන් බටහිර අදහස් ම අනුමත කරති. කිසිදු සාක්ෂියක් පර්යේෂණයක් නො කොට ම ඔවුන් කියන සියල්ල පිළිගනිති.
මේ අනුව ඉංග්‍රීසින් ශ්‍රී ලංකාවේදී හැම අතින්ම 21 වන සියවස තෙක්ම ජය ලැබුවෝ බව පැහැදිළිව පෙනේ. විශේෂයෙන් ඔවුන් ට දුරස්ථ පාලනයෙන් තවදුරටත් සිය යටත් විජිත දුපත පාලනය කිරීම පහසු වී ඇත්තේ ඔවුන් හදා වඩා පුහුණු කළ ඉඩම් හිමි ධනපති සහ මධ්‍යම පන්තිය ඉංග්‍රීසින්ගේ ජිවිත ක්‍රම, ආකල්ප සහ මොඩල ප්‍රශ්න කිරීමකින් තොරව සුවච කීකරු බල්ලන් මෙන් පිළිගත් නිසාවෙනි. අදත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ යෙදී සිටින වලව් කාරයින් සියල්ලෝ ඉංග්‍රීසින්ට ගොම්පස් ඇල්ලුවෝ වෙති. එසේ ඉංග්‍රීසින් ට ගැතිකම් නො කළ වුන්ට ඉඩම් හිමි වලව් කාරයෝ විය නොහැකි විය. අනෙක් පැත්තෙන් සාමාන්‍ය ජනතාව නම් වූ බැටළු පෝතකයෝ මේ බලු වලව් පැලැන්තිය අනුගමනය කරමින් ඔවුන් ව දේවත්වයේ ලා සලකමින් අදත් එංගලන්තයට ම ආවඩමින් සිටිති. මේ නිසාම ශ්‍රී ලංකාවේ උපන්නත් සුදු මනසින් සිතන පැලැන්තියට එරෙහිව මෙතෙක් කිසිදු ප්‍රාණවත් විකල්ප ජන රැල්ලක් ගොඩනැගුනේ ද නැත. එසේ එකම විකල්ප රැල්ල යයි කියා ගත් ජනතා විමුක්ති පෙරමුණ ද අධිරාජ්‍ය ගැත්තෝ ම බව පැහැදිලිව ඔප්පු වේ. විශේෂයෙන්, බටහිර ගැති බලු වලව්කාර පැලන්ති ය බටහිර දේශපාලනය ම ක්‍රියාත්මක කරනු හැර මෙතෙක් වෙනත් විකල්පයක් ඉදිරිපත් කර නැත. ජනතා විමුක්ති පෙරමුණ අනෙක් පැත්තෙන් මාර්ක්ස් බයිබලයේ සංකල්ප ඔස්සේ බිහි කළ "මාර්ක්ස් වාදය" රුසියානු සහ චීන දේශපාලකයින්ගේ ඇසින් බලා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නට උත්සහ කරමින් සිටි. ඒ අනුව මොවුන්ද බටහිර චින්තනයෙන් ම පෝෂණය වන්නෝ වෙති. ශ්‍රී ලංකාවට ගැලපෙන දේශපාලනයක් ගැන ඔවුන්ට අදහසක් නැත. දැනුත් ඔවුන් ස්ක්වුට්, කැඩෙට් කණ්ඩායමක් මෙන් සිතති, සැලසුම් කරති කටයුතු කරති. පාර්ලිමේන්තුවක් වෙනුවට පොලිසියක් මෙන් හොරු ඇල්ලීමේ යෙදෙන්න ජනතාවගෙන් චන්දය ඉල්ලති. ජනප්‍රිය සටන් පාඨ ඔස්සේ පමණක් යමින් බලය ඇල්ලීම එකම අරමුණ කරගෙන ක්‍රියා කරති. ද්‍රවිඩ පක්ෂ සහ L.T.T.E. ත්‍රස්තවාදය ද බටහිර ගැත්තෝ ම වෙති. ද්‍රවිඩයින් ශ්‍රී ලංකාවේදී ඉංග්‍රීසින්ගේ අතකොලු වුවෝ වෙති. මේ නිසා අදටත් ඔවුන් ඒ භූමිකාව නිදහසේම රඟ දක්වමින් සිටිති. අදටත් L.T.T.E. ත්‍රස්තයෝ බටහිර පිහිටෙන් ම බටහිර සහ බටහිර කල්ලියේ රටවල සිට සිය දේශපාලන සටන් මෙහෙයවමින් සිටිති. මුස්ලිම් ජාතිය ඒක දේව වාදයෙන් අන්ධ ව සත්‍යයේ අයිතිකරුවෝ මෙන් පෙනී සිටින මානසික රෝගියෝ ම බව ඔප්පු කරමින් සිටිති. මොවුන්ගේ මේ අඥාන කම අති භයානක ප්‍රපංචයක් මෙන් සලකා කටයුතු කල යුතුම ය. ඔවුන්ට ශ්‍රී ලංකාවේ ඉපදුන බව අමතක වී ඇත. තම රට බහු ජාතීන්ගෙන් සහ විවධ ජන කොටස් වලින් සැදී ඇති බව සිංහලයින්ට, ද්‍රවිඩයින්ට මෙන්ම ඔවුන්ට ද අමතක වී ඇත. මේ අනුව, ශ්‍රී ලංකාවේ 1931 සිට මේ ජාතින් එනම්, සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් සහ අනෙකුත් ජන කොටස් ශ්‍රී ලංකාවේ හනුමන් ලා ගේ භූමිකාව හොඳින් රඟ දක්වමින් උතුරේ සිට දකුණට ගිනි තබමින් සිටිති. මේ හනුමන්ලා පසුපස බෙදී දුවන වඳුරු, රිලා රට වැසියෝ තමන්ට වෙමින් තිබෙන වින්නැහිය ගැන කිසිදු අවබෝධයකින් තොරව පක්ෂ වලට බෙදී ඇන කොටා ගනිති. ඔක්කොම එලෝ විකාරෙන් මෙලෝ අතගාති. මේ අනුව, ශ්‍රී ලන්කාවෙ සාමාන්‍ය වැසියෝ (බැටළු පෝතකයෝ) පැහැදිලිවම සිය අනන්‍යතාව ගැන අදහසක් නැති අය බව පෙනේ. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ජිවත්වන සියලු ජාතීන්ගේ මානසිකත්වය ඉංග්‍රීසින් විසින් මුලිනුපුටා දමා ඇති බව පැහැදිලිය.
නිගමන
නිදහසින් පසු ද සිංහල දෙමල, මුස්ලිම් සහ අනෙකුත් ශ්‍රී ලංකාවේ වෙසෙන ජනකොටස් සියල්ලෝ ඉහත කි කිසිත් ගැන සාධාරණ විමසීමක් කර නැත. සියලු ජාතින් එකතුව එක මේසයක වාඩි වී සිය අදහස් බෙදා ගෙන ශ්‍රී ලංකාවේ සිටින ලංකිකයෝ (හෝ වෙන ඕනෑම නමකින්) වශයෙන් එක ජාතියක් හැටියට ජීවත්වෙන්න අවශ්‍ය කටයුතු කිසිම අයුරකින් මේවනතුරුත් කර නැත. රටේ පොදු ප්‍රශ්න ගැන කිසිදු අවබෝධයක් ඇතිව කිසිදු ජාතියක් මේ වනතුරුත් ක්‍රියා කර නැත. කිසිදු දේශපාලන පක්ෂයක් ජාතිය ගොඩනැගීම (සිංහල+දෙමල+මුස්ලිම්+ බර්ගර්+අනෙකුත් ජනකොටස්) ගැන මේවනතුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ශ්‍රී ලංකාවට ගැලපෙන පොදු වයවස්තාවක් සකස් කර ගැනීමට කිසිදු ජාතියක් එක්වී කටයුතු කර නැත. කිසිදු දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකාවේ ජාතිය ගොඩනගා ඒ අනුව ඒ නව ශ්‍රී ලංකාවාසීන් සමග එක්ව නව ශ්‍රී ලාංකික ව්‍යවස්ථාවක් සකස් කිරීම සිය දේශපාලන අරමුණ වශයෙන් ඉදිරිපත් කර නැත. මෙතෙක් සියලු ජාතින් සහ දේශපාලන පක්ෂ එලෝ විකාරෙන් මෙලෝ අතගාන දේශපාලන කරගෙන යති. ඔවුහු තවමත් ජාතින් වශයෙන් බෙදී ඇත. ආගම් වශයෙන් බෙදී ඇත. කුල වශයෙන් පන්ති වශයෙන් බෙදී සිටිති. ඔවුනොවුන් ට පදනම් රහිත බොරු ඉතිහාස ගොතාගෙන ඒ අනුව කටයුතු කරති. 21 සියවසේදීත් මේ පටු නුගත් තත්වයේම ජීවත්වෙති. ඒ ගැන උදම් අනති. එක රටක ඉපදුනු එක රටක පුරවැසියෝ මෙන් කතාබස් කර ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය පසුබිමක් ගොඩනැගීමට මේ පුහුදුන් ශ්‍රී ලංකාවේ උපන්නෝ තවමත් අපොහොසත් ව සිටිති.
Monday, 9 September 2019
WATER 06 - Man, The Narrator 26 - Philosophy and Darshana on web-comics by Ajith Rohan J.T.F., Rome
The central point of
WATER’s life long story is based on the fundamental active dynamic of
“Narration” of my life (personal-social). Therefore, I reflect, observe, research, if necessary
do experiments and then interpret in relative contexts transformations and
transmutations of energy, frequency and vibration. These continuous activities
of my life in this way become also a comic story. Nevertheless I am also aware
of the limits and consequences of the fact that life is narrated from a
particular point of view; it becomes bi-dimensional. It takes analogical
aspects like the drawing of a child. But, I’ve got also other talents; thus, I
try to narrate my life by using them (philosophy, Darshan, technology, Music,
Drama etc.) too. In this way I try my best to understand me and my topological
status in the universe. I desire only for wisdom which illuminates my
knowledge. I have no other aim for my being in this world.
Saturday, 7 September 2019
Monday, 2 September 2019
Monday, 26 August 2019
Wednesday, 21 August 2019
Tuesday, 13 August 2019
Wednesday, 7 August 2019
Tuesday, 30 July 2019
Tuesday, 23 July 2019
Thursday, 18 July 2019
Thursday, 11 July 2019
Tuesday, 9 July 2019
Leaders are born not made: Politics and leaderships 1 and 2 - by Ajith Rohan J.T.F., Rome
දේශපාලනය සහ නායකත්වය (අංක 01)
Gist of the article
I, in these two episodes of the same argument dealt with the problem of "leaders are born not made". I’ve already written different short articles on the same problem, nevertheless, I’ve decided to write another article, even if it is concise, as a reaction to an abnormal current of thought that is spreading in Sri Lanka; that is to say, the leaders, according to them only those who have degrees and others are not.
නිමිත්ත
මෙම ලිපිය “නායකත්වය” යන්න සාමාන්‍ය අර්ථයෙන් (general sense) සළකා ඇතත් පොදුවේ දක්වා ඇති නිගමන සහ ක්‍රියාවලින් සියල්ල දාර්ශනික ඇසින් බලා ඉතාම සංක්ෂිප්තව දක්වා ඇත. මෙම ලිපියෙන් කරුණු කිහිපයක් විශ්ලේෂණය කරමු: මිනිසා, අධ්‍යාපනය, සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික මානය, පැරණි සහ නව බටහිර යටත්විජිත වාද සහ නායකත්වය. මේ අනුව, නායකත්වය යනු සහජ හැකියාවක් මිස එය පොත්පත් වලින් ඉගෙන ගන්න දෙයක් නොවන බව පෙන්වා දෙමු.
මිනිසා සහ ත්‍රිමාන සම්බන්ධතාව
අනුභූතික විද්‍යාවන්ට
අනුව ලෝකයේ වසන සියලු මිනිසුන් එකම ජාන සම්භවයකට අයත් වෙති. නමුත් කිසිම
පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට සම්පුර්ණ වශයෙන් සමාන නොවේ. මේ අනුව වෙනස යනු ගැලපෙන
විශ්වීය නියමයකි. එනම්, සෑම පුද්ගලයෙක්ම තමා සහ අවට පරිසරය ගැන දැනුම ලබා ගෙන ඒ
ඔස්සේ යම් යම් සත්‍යතා ක්‍රමානුකුලව නිර්මාණය කරගෙන ජිවත් වේ. මේ අනුව පුද්ගල
දැනුම අන් අය සමග සම්බන්ධතා පැවැත්වීමේදී සාකච්චාවට සහ විවේචනයට බඳුන් වේ. ඒ ඔස්සේ
පුද්ගල දැනුම පොදු සම්මුතීන් ඔස්සේ ක්‍රියා කිරීම සඳහා සකස් කරගන්න පුද්ගලයා
උත්සුක වේ. එසේ නොවන කල සමාජ සම්බන්ධතා ගැටුම්කාරී වේ. කෙසේ නමුත්, සෑම
පුද්ගලයෙක්ම සාපේක්ෂව සත්‍යය දන්නා නමුත් ඒ සත්‍යය ක්‍රමයෙන් එනම් ජිවිත කාලය පුරා
සමාජ සම්බන්ධතා ඔස්සේ සාපේක්ෂව වර්ධනය කරගත යුතුවේ. ඉගෙනීම යනු ජීවිතය හා බැඳී
පවතින අනිවාර්ය දෙයකි. එය පොත්පත් වලින් හෝ සහතික වලින් හෝ ලැබීමට හැකි හෝ එසේ
ලැබීමට ස්වභාවිකව අනිවාර්ය හෝ වන කරුණක් නොවේ. උදාහරණයකට, ශ්‍රී ලංකාවේ ආගන්තුක
සත්කාරය ගැන කතා කරන විට, ආගන්තුකයා ඉතාම වැදගත් තැනක ලා සැලකුවේ මේ නිසාවෙනි. දුර
පලාතක සිට එන පුද්ගලයා වෙනස් වූ දැනුම් පුන්ජර-මානයක් වේ. ඒ දැනුම සහ ප්‍රඥාව
ආගන්තුකයාගෙන් ලබා ගන්නේ ඔහුට හෝ ඇයට ගෞරවයෙන් සලකමින් සහ ඇහුන්කන් දීමෙනි. මිනිසා
ගැන කතා කරන විට සහජ ඥානය, ප්‍රඥාව, සහ දැනුමත් මේ සියල්ල එක්තැන් කරන චර්යා
ධර්මත් ඉතාම වැදගත් වේ. ඒ වගේම විශ්වය (සියල්ල) සේම මිනිසා ද නිරන්තරයෙන් චලනය වේ.
චලනය නැවතත් සෑම ක්ෂනයකම සිදුවන ශෛල වල ඇතිවී නැතිවීමත්, පොදුවේ ශාරීරික වෙනස්
වීමත් නිරන්තරයෙන් සිහියෙන්, අවසිහියෙන් හා නින්දේදී පවා සිදුවන මනසේ චලනයත්
වශයෙන් සැලකිය යුතු වේ. පොදුවේ ගත් විට මිනිසාගේ මේ මොලයේ, මනැසේ සහ ශරීරයේ ක්‍රියාවලිය
තුන් ආකාරයකින් තුලිත කල යුතුවේ. එනම්, මිනිසාගේ මුලාකෘතික පෙළඹවීම (impulse) අභිප්‍රාය (desire) සහ ප්‍රඥාව-ඥානය-දැනුම (wisdom-intelligence-reason) අතර ගැලපෙන සුසංයෝගී ක්‍රියාවලියක් විය යුතුය. මේ මාන තුනෙන් මුලාකෘත
පෙළඹවීම සෑම පුද්ගලයෙකුගේම (සාපේක්ෂව අනෙක් සෑම දෙයකම සේ) තැනුම් ඒකක සමග සාපේක්ෂව
මියෙන තුරු බැඳී පවතී. උදාහරනයක ට පුංචි දරුවෝ කෑගසමින් හඬමින්, සිනාසෙමින් නිරන්තරයෙන්
දුවන්නේ පනින්නේඅභිප්‍රායන් නිසා නොව මුලාකෘත පෙළඹවීම් නිසාවෙනි. මේ අනුව, අහාර පාන ගැනීම, බැඳීම්
ඇති කර ගැනීම, ලිංගික කටයුතුවල දීම, ගැටුම්, සටන් ඇති කර ගැනීම, පුරාජේරු කීම සහ
තම පුද්ගලික පැවැත්ම සඳහා පමණක් වන කටයුතු වෙත යොමුවීම ආදිය මුලාකෘත පෙළඹවීම් බව
වටහා ගනිමු. ඒවගේම මුලාකෘත ඉතාම වැදගත් සේම ඒවා අතිශයින් ප්‍රභල ද වන බව දක්වමු.
සිහියෙන් යුතුව තමා ගැන අධ්‍යනය කරන පුද්ගලයා, මුලාකෘත ඔස්සේ පමණක් කටයුතු කරන
සතුන් සහ කුඩා දරුවන් සමග තමාව සම කර විමසා සිය බුද්ධිය සහ සදාචාරාත්මක පුහුණුව සහ
ඒවායේ වැදගත්කම වටහා ගනී. නමුත්, ඉතාම වැදගත් කරුණ නම්, මේ මාන තුන අතර යහපත්
සම්බන්ධතා ඇති වීමෙන් පමණක් යහපත් සිහිය ඇතිව ප්‍රඥාව තුල කටයුතු කරන පුද්ගලයින්
වීම ට හැකි වීමයි. කුමන හෝ හේතුවක් නිසා හෝ මුලාකෘත පෙළඹවීම් යටපත් නො කළ යුතු වේ.
ඒ වෙනුවට මුලාකෘත තේරුම් ගෙන ඒවා එක් එක් පුද්ගලයාගේ (individual), පොදු සාපේක්ෂ (social) සහ සමස්ත (world) ජිවිතයේ යහ පැවැත්මට යොදා ගත යුතුය. ලෝකයේ යහ පැවැත්ම එයයි. මේ කටයුතු
හොඳින් පවත්වාගෙන යාමට සහ දියුණුව ඇති කිරීම සඳහා අපට නායකයින් අවශ්‍ය වේ.
මිනිසා සහ අධ්‍යාපනය
21 සියවස වන විට ලෝකයේ සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික
මානයෝ ඉතාම සුක්‍ෂම අයුරින් එකිනෙකට බැඳී හෝ එසේ කටයුතු කිරීමට බලකර හෝ පොළඹවා හෝ
ඇත. තොරතුරු තාක්ෂණ ක්‍රම ඔස්සේ ලෝකයේ සීමා බන්ධන බොහෝ දුරට ඛණ්ඩනය වූ බවක්
පෙනුනත් එය එසේ සම්පුර්ණ වශයෙන් කෙසේ වත් සිදු නොවන බව ඉතාම පැහැදිලිව දැක්විය
හැක. කෙසේ වෙතත් තොරතුරු තාක්ෂණය සමග බැඳුනු නව ලෝක ආර්ථික සහ දේශපාලන ක්‍රම දේශ
සිමා අභිබවමින් කාටත් නව රැකියා අවස්ථා වෙත යොමුවීමට අවස්තාව උදා කර ඇත. මේ අනුව,
අධ්‍යාපනය තවදුරටත් අන්තර්ජාතික ප්‍රමිතිකරනයට යටත් වීම කිසිදු බලකිරීමකින් තොරව
ලෝකය පුරා සිදුවෙමින් පවතී. මේ නව ආර්ථික-දේශපාලන ප්‍රවාහය සදා කාලික එකක් නොවුවත්
(දේශපාලන සහ ආර්ථික ලිබරල් වාද අවසන් වෙමින් පවතින මේ මොහොතේ ඒ මෙසේ සඳහන් කරමු) ලෝකය ඒ සඳහා සිය ගැටළු ප්‍රශ්න ප්‍රාදේශීයව
විසඳා ගනිමින් වීවෘත වී කටයුතු කරන්න උත්සහ ගන්න බවක් දක්නට ඇත. නව ආර්ථික සහ ලෝක
දේශපාලනය මේ අනුව එකට අත්වැල් බැඳගෙන ක්‍රියාත්මක වන බව පෙනේ. අනෙක් පැත්තෙන්,
සාපේක්ෂ රටවල සංස්කෘතීන් (භාෂාව, දේශීය අධාපනය, සිරිත් විරිත්, ආගම්, විශ්වාස, හුරු
පුරුදු ජන ජීවිතය ආදිය) මේ වෙනස ඉදිරියේ ගැටුම් ඇති කරගනිමින් පවතින බව ද ඉතාම
පැහැදිලිව පෙනේ. මේ අතරේ දේශීය ප්‍රමිතින් අභිබවන මෙතෙක් ක්‍රියාත්මක වූ බටහිර අධ්‍යාපන
යටත්විජිතවාදය ඉතාම පැහැදිලිව නව තොරතුරු තාක්ෂනය, නව ආර්ථික සහ බල අසමතුලිත බව
තුල තව දුරටත් සිය බලය තහවුරු කරගනිමින් සිටි. මේ අනුව, දැනුම යනු බටහිර දැනුම ම
වේ. සෑම පාසල් සහ උසස් අධ්‍යාපන ආයතනයකම යුරෝපා-ඇමෙරිකා එක්සත් ජනපද අධ්‍යාපන ක්‍රම
සහ විෂයන් කුමන අයුරින් හෝ ඉගැන්විය යුතුය. සිංහල හෝ දෙමල හෝ බසෙකින් එන්නේ එම
බටහිර දැනුම ම ය. මේ අනුව සුදුසුකම් තීරණය වෙන්නේ ද බටහිර ප්‍රමිතීන්ට අනුව ම බව
පැහැදිලිව දැක්විය හැකිය.
1505 න් පසු ශ්‍රී
ලංකාවේ එතෙක් පැවති, රාජකීයන්ට, ඇති හැකි අයට, කුල ආගම් දේශපාලනය මගින් වරප්‍රසාද
ලත් අයට පමණක් සිමා වූ සාපේක්ෂ අධ්‍යාපන ක්‍රම වෙනස් වීමට පටන් ගත් බව අපි දනිමු.
මේ අනුව ආගම් සහ බටහිර සංස්කෘතිය ප්‍රචාරය කර ස්ථාවර කිරීමට පල්ලි ඔස්සේ නව පාසල්
ඇතිකරමින් අභියෝගයක් එල්ල කිරීමට විශේෂයෙන් පෘතුගීසින් සමත්විය. ඒ අනුව, කතෝලික
ආගම ශ්‍රී ලංකාවේ දුප්පත් සහ පහල කුල ස්ථර වල ජනතාව අතරේ පැහැදිලිවම පැල පදියම්
විය. ඒ අයුරින් ඒ දුප්පත් ජනතාවට අනන්‍යතාවක් ලැබුණු අතර ඔවුන්ගේ ජිවිත වලට
වටිනාකමක් ද ලැබුණු බව දක්වමු. මින් අනතුරුව ඉංග්‍රීසින් අතිශයින් සූක්ෂ්මව
සංවිධානය වෙමින් (divide and Rule method)
ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික මානය සේම මහජන විශ්වාසය ඔවුන්
වෙත රඳවා ගැනීමට සියල්ල සුදානම් කලෝය. 1948 ශ්‍රී ලංකාව බාර දුන්නේ ඉංග්‍රීසින්ගේ
ආශිර්වාද ලත්, ඔවුන්ගේ පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලැබූ ශ්‍රී
ලංකාවේ ඉපදුනු පුද්ගලයන්ට විය. ඔවුන් සිංහල ජාතිය, ශ්‍රී ලංකාව දුටුවේ ඉංග්‍රීසි
සංකල්ප වලට අනුවය. එනම්, ඉංග්‍රීසින් දකින ආකාරයටය. මේ පුද්ගලයින් වැඩි දෙනෙක්
ඉංග්‍රීසින්ගේ ආගම වූ එංගලන්ත සභාවේ අය විය. මේ තත්වය ශ්‍රී ලංකාවේ අද ද වෙනස්
නොවී පවතී. ශ්‍රී ලංකාවේ කුමන පන්තියක, කුලයක හෝ ආගමක කෙනෙක් වුවත් ඉංග්‍රීසින්ගේ
අධ්‍යාපනය සහ ඉංග්‍රීසි බසට වන්දනා මාන කරති. කෙසේ කුමන අයුරින් හෝ ඉංග්‍රීසි
පන්නයේ අධ්‍යාපනයක් ලබා ගන්න ට උත්සහ කරති. උදාහරණයකට අප ප්‍රායෝගිකව දන්නා පරිදි
ඉතාලියේ සිටින සිංහල දෙමව්පියෝ සිය දරුවන් එංගලන්තයේ කුමන හෝ දුප්පත් පාසලක තුන්වන
පන්තියේ උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනීම සඳහා යැවීමට හැමවිට ප්‍රාර්ථනා කරති සහ එසේ
කරති (එංගලන්තයේ ඔක්ස්ෆෝර්ඩ් සහ කේම්බ්‍රිජ් වැනි විශ්ව විද්‍යාල බලවත් ධනවත් සහ
වරප්‍රසාද ලත් ඉංග්‍රීසින්ගේ, ලෝක බලවතුන්ගේ, ධනවතුන්ගේ දරුවන් වෙනුවෙන් පවතින අතර
සාමාන්‍ය ඉංග්‍රීසි ජනයාගේ පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන තත්වයෙන් සහ පන්තියෙන් පහල
මට්ටමක පවතී). ඔවුන්ට බටහිර යනු එංගලන්ත මොඩලය වේ. විශේෂයෙන් ඉතාලියේ සිටින දකුණු
ආසියාවේ සහ අප්‍රිකාවේ ඉංග්‍රීසි යටත්විජිතව පැවතී රටවල හැම දෙනාම ඉතාලිය ඉංග්‍රීසි
බසට මුල්තැනක් නොදීම ගැන මැසිවිලි කියති. අපි මේ සියල්ලෙන් පෙන්වන්න උත්සහ කරන්නේ
ශ්‍රී ලංකාවේ දැනට පවතින අධ්‍යාපනය නායකයින් බිහි කිරීමට අවකාශ සලසනවා වෙනුවට
බටහිර ගැති, අනුකාරක, අන්ධ භක්තිය ඇති, හීනමානයෙන් සහ අපේක්ෂාභන්ගත්වයෙන් යුත්
පිරිස් බිහි කරන බවයි. එසේම ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අද ක්‍රියාත්මක
වෙන්නේ පන්ති පරතරය අඩුකර ගැනීම ට සහ කුල ප්‍රශ්න වලට පිළිතුරු සොයන ස්ථාන වශයෙනි.
නවක වදය යනු අද බටහිර නැති නමුත් බටහිරින් කොපි කරගෙන ක්‍රිකට් මෙන් ආදරෙන්
පවත්වාගෙන යන බටහිරින් ලත් තවත් ව්‍යසනයකි. ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වල පන්ති
සටන් වල යෙදෙන පුද්ගලයින් වසර තුනක (European short degree) ඉගෙනීමෙන්
පසු පතන්නේ යමක් නිෂ්පාධනය (to produce and to use
creativity according to the available resources) කරන්නට නොව සේවා (services, teaching and clerical jobs) සම්බන්ධ රැකියාවක් සොයාගෙන ඉංග්‍රීසි (බටහිර) පන්නයට ජිවත්
වීමටය. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයක වසර තුනක උපාධියක් ලැබූ හැම දෙනා
ගොවිතැන, රටේ කාටත් උසස් යයි කියවෙන අධ්‍යාපනයක් නැතිව හෝ කළ හැකි රැකියාවක් කිරීම
අඩුවක්, අසාධාරණයක්, අගෞරවයක් සහ පොදුවේ ලැජ්ජාවක් සහ වේදනාවක් වශයෙන් සලකති. සිය
දිවි හානි කර ගනිති. ඔවුන්ට ගැලපෙන වෙනත් රැකියාවක් සොයා ගැනීමට දැනුමක් පාසල් හෝ
උසස් අධ්‍යාපන ආයතන වලින් නොලැබෙන අතර ඉතාම ලෙහෙසියෙන් කළ හැකි අපරාධ ඔස්සේ හෝ
මුදල් ඉපයීමට පෙළඹීම නොවැලක්විය හැකි කරුණකි. මේ අනුව, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය
ජනතාවගේ බදු මුදල් වලින් ක්‍රියාත්මක වන ඉංග්‍රීසි-බටහිර සංස්කෘතිය පවත්වාගෙන යාමට
අවශ්‍ය ලිපිකරු, ගුරු සහ අනෙකුත් සේවාවන් සඳහා අවශ්‍ය සේවකයින් නිර්මාණය කරගැනීම සඳහා
පුද්ගලයින් පුරුදු, පුහුණු කරන ස්ථාන වේ. ඔවුන්ට ශ්‍රී ලංකාවේ ජන ජීවිතය, රටේ
සම්පත් ගැන, රට ගැන, රටේ භාවිත වන භාෂා ගැන (සිංහල, දෙමල, පාලි, සංස්කෘත ආදී)
සංස්කෘතීන් (බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආදී) ගැන දැනීමක් හැඟීමක් නැත.
බටහිර පන්නෙට දෙන උපාධි සහතිකයක් පමණක් ඇති ජීවිතය, ජිවිත අත්දැකීම්, නිර්මානශිලි බව,
රට ගැන, තමන් ජිවත් වන ප්‍රදේශය ගැන අවබෝධයක් නැති මෙවන් පුද්ගලයෝ ශ්‍රී ලංකාවේ
නායකයින් වෙන්නට සුදුස්සෝ වෙන්නේ යයි යමෙකුට සිතේ නම් එය එලෝ විකාරෙන් මෙලෝ අත
ගෑමකි.
දේශපාලනය සහ නායකත්වය (අංක 02)
නිමිත්ත
මෙම ලිපිය “නායකත්වය” යන්න සාමාන්‍ය අර්ථයෙන්
(general sense) සළකා ඇතත් පොදුවේ දක්වා ඇති නිගමන සහ ක්‍රියාවලින්
සියල්ල දාර්ශනික ඇසින් බලා ඉතාම සංක්ෂිප්තව දක්වා ඇත. මෙම ලිපියෙන් කරුණු කිහිපයක්
විශ්ලේෂණය කරමු: මිනිසා, අධ්‍යාපනය, සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික මානය,
පැරණි සහ නව බටහිර යටත්විජිත වාද සහ නායකත්වය. මේ අනුව, නායකත්වය යනු සහජ
හැකියාවක් මිස එය පොත්පත් වලින් ඉගෙන ගන්න දෙයක් නොවන බව පෙන්වා දෙමු.
අධ්‍යාපනයේ පරමාර්ථය, පරිසරය සහ ප්‍රයෝගික ජීවිතය
මේ සංකීර්ණ ප්‍රශ්නය මේ
කෙටි ජේද කිහිපයෙන් සංක්ෂිප්තව සාකච්චා කරන්න නොහැකි දෙයකි. නමුත් ඒ ගැන සාමාන්‍ය අදහසක් (general
idea) දීමට උත්සහ කරමි. ලෝකයේ සෑම සංස්කෘතියකම ශිෂ්ටාචාරයකම පැවැත්ම රඳා පවතින්නේ
අත්දැකීම් තම සන්දර්භය තුල කතන්දර වශයෙන් කීම මගිනි. ඒ ඔස්සේ ප්‍රයෝගික දැනුම, ඒ
දැනුමෙන් ඔබ්බට ගිය ලෙඩවීම, විදුලි, හෙන, වර්ෂාව, ගින්දර, සුලන් සහ මරණය, බිය,
සැක, සංකාව වැනි හැඟීම් සහ ආවේග ප්‍රක්ෂේපනය කිරීමේ ක්‍රම පරම්පරාවෙන් පරම්පරාවට
දැනුම සහ පදනම් වශයෙන් ලබා දුන්නේය. මෙසේ එම සංකීර්ණ තොරතුරු සන්නිවේදනය, අන්‍යෝන්‍ය
සම්බන්ධතා ක්‍රියාවලිය, පුරුදු, සිරිත් විරිත්, නිෂ්පාධන සහ පරිභෝජන ක්‍රියාවලිය
අනුගමනය කරමින් ජිවත්වන පිරිසක් සිටීමෙන් සංස්කෘතියක් ශිෂ්ටාචාරයක් ජිවත් වේ. එසේ
නොවන කල ශිෂ්ටාචාර බිඳ වැටි නටබුන් බවට පත්වේ. මිනිසුන් නොවන සත්තු ද තම පැටවුන්ට
සිය ජීවිතය පරිසරයට අනුව පවත්වාගෙන යාමට යම් හුරු කිරීමක් කරන බව අපි දනිමු. නමුත්
මිනිසා පමණක් ශිෂ්ටාචාර නිර්මාණය කළේය. ඒ ඒ ශිෂ්ටාචාර පවත්වාගෙන යාමට සාපේක්ෂ ප්‍රායෝගික
දැනුම් සම්භාරයක් ක්‍රමයෙන් රැස් කළේය.
ප්‍රධාන වශයෙන් භාෂාව
මිනිසාගේ සංකීර්ණ නිර්මාණ අතර මුල්තැන්හි ලා සැලකිය යුතුය. ඒ අතිශයින් වැදගත්
මිනිස් සන්නිවේදන මානය ඔස්සේ ක්‍රමයෙන් සිය මතකය සහ අත්දැකීම් අනාගත පරම්පරාවට
ඉතිරි කර තැබීමේ මුලාකෘත පෙළඹවීම (as we know,
DNA patterns are qualitative memories; thus, man also naturally has this impulse to record
and to conserve his memories for future) සඳහා ලිවීමේ ආකෘති
(අක්ෂර, වියරණ, තේරුම් ආදී...) නිර්මාණය කරගත්තේය. ඒ ඔස්සේ තවදුරටත් මිනිසාගේ
සාපේක්ෂ පරිසරය සහ ආකාශය අතර සම්බන්ධතා-අත්දැකීම් ඒ ඒ ශිෂ්ටාචාරයේ සාමාජිකයින්
දැනගත යුතු දැනුම වශයෙන් නියම කරගත්තේය. ඒ ගැන පර්යේෂණ කරමින් ඒවා සටහන් කරමින්
ලෝකයේ විවිධ තන්හි විවිධ දැනුම් නිර්මාණය කලෝය. එවා ඒ ඒ පරිසරයට ගැලපෙන ඒ ඒ
සංස්කෘතියට සිෂ්ටචාරයට වැදගත් වුවා සේම පොදු මුළු මිනිස් සංහතියටම වැදගත්වන දැනුම්
ද තැනින් තැන මතු විය. ඒවා ආදියේ පටන් එකිනෙකා අතර බෙදා ගත්තෝය. මිට සමගාමිව ක්‍රමයෙන්
දේශපාලනය, ආර්ථිකය සහ සංස්කෘතික අංශ සංකිර්ණව දියුනු වන විට පොදු පාසල් සහ උසස්
අධ්‍යාපන ආයතන ඇති විය. මේ ඔස්සේ සංස්කෘතීන් සහ ශිෂ්ටාචාර වශයෙන් වගේම භාෂා පවුල්
ආදී වශයෙන් විශාල දැනුම් සම්භාරයක් මිනිසා සිය සාපේක්ෂ අවශ්‍යතා සඳහා නිර්මාණය
කරගත්තේය. මේ අනුව, ඒ ඒ සංස්කෘතිය තුල දැනුම නිර්මාණය කර ගැනීම මිනිස් අවශ්‍යතාවකි.
එසේ නොවන කල දැනුම වෙනත් තැනෙකින් ලබා ගත යුතුවේ. එවිට ක්‍රමයෙන් සංස්කෘතීන් ඌනනය (fusion and absorption) වී යාම වැළක්විය නොහැක. මේ
අනුව, අධ්‍යාපනයේ පරමාර්ථ අතර මුලික වශයෙන් සාපේක්ෂ සංස්කෘති සහ ශිෂ්ටාචාර නොනැසී
පවත්වාගෙන යාම පවතින බව පසක් කර ගනිමු. මේ අතරේ සෑම සංස්කෘතියක්ම සිය සාපේක්ෂ
පරිසරයට අදාළ දැනුම නිර්මාණය කර ගතයුතුය. ඒ ගැන පර්යේෂණ කල යුතුය. තිබෙන දේ වැඩි
දියුණු කල යුතුය. එසේ නොවූ කල ඒ සංස්කෘතිය, ශිෂ්ටාචාරය දියවී යාම වැළැක්විය නොහැකි
කරුණකි.
නායකත්වය සහ අධ්‍යාපනය
අපි මිට වසර 3 පෙර මේ
ගැන ලියු කෙටි සටහනේ කතන්දරයක් ඇසුරෙන් නායකත්වය උපතින් එන දෙයක් බව පෙන්වා
දුන්නෙමු. එනම්, මියා සහ පුසා අතරේ පවතින සම්බන්ධයේදී මියා පුසාට ඇති බිය නැති කර
ගැනීමට සිය නිර්මාණකරු හමුවී සාකච්චා කර විසඳුමක් සොයා ගන්නට උත්සහ කිරීමේ ප්‍රතිඵලයක්
ලෙස උහුගේ “මී” බව ආරක්ෂා කර ගනිමින් හැඩයෙන් සහ ද්‍රව්‍යයෙන් සිංහයෙකු බවට පත්
කළත් පුසා දුටු විගස බියෙන් ගැසෙමින් පැන ගොස් සැඟවීමට තැත් කිරීම වැළක්විය නොහැකි
දෙයක් විය. මේ අයුරින් මියා අලියෙකුගේ, කොටියෙකුගේ හැඩ ගත්තත් “මී” භාවය සමග එන
මුලාකෘත පෙළඹවීම වූ පුසාගේ ගොදුරක් නොවී පැන යාම වැලක්විය නොහැකි දෙයක් විය. අනෙක්
පැත්තෙන්, අපි හැම දෙනාම (අබාධිත සහ වෙනත් ගැටළු ඇති අය හැර) දුවන්න හැකි අය වුවත්
මීටර් 100 තත්පර 9-10 කින් දුවන්න හැකියාව ඇති අය උපතින්ම පැමිණ දිගින් දිගට ව්‍යායාම කරමින් ඒ
තමා තුල ඇති හැකියාව වර්ධනය කරගන්නෝ වෙති. මෙසේම, සංගීතය, රංගනය, නර්තනය, චිත්‍රණය,
කථනය, රචනය ආදී දේටත් ඒ ඒ සාපේක්ෂ හැකියාවට ගැලපෙන තත්වයෝ උපතින්ම ලබා ගෙන එන්නෝ
වෙති.
නමුත් දැනට පාසල් සහ
උසස් අධ්‍යාපන ආයතන වල උගන්වන ගණිතය පුනරුච්චාරණය කරන ක්‍රම, සූත්‍ර සහ ප්‍රමේයයෝ
පමණක් බැවින් ඒ සියල්ල මතකයේ තබාගෙන විභාග
සමත්වීම හැම දෙනාටම එක්තරා දුරකට කල හැකි දෙයක් බව ද දැක්විය හැක. මේ අනුව මතකය සහ
පුනරුච්චාරණය ඔස්සේ සිදුවන ඉගැන්වීම් ක්‍රම නිසා ඕනෑම කෙනෙකුට සංගීතය, නාට්‍යය,
නර්තනය ආදී දේ පවා ඉගෙනීමට හැකියාවක් ඇතත් ඒ කිසිවෙකුත් සංගීතඥයෝ හෝ ගණිතඥයෝ හෝ
නොවේ. ඔවුන් හුදු නිර්ණය කළ පොදු පුනරුච්චාරණ දැනුම ඔස්සේ විභාග සමත්වී සහතික
ලද්දෝ පමණි. මේ අනුව, උපාධි සහතික තිබීම නායකත්වය තිබෙන අයෙකු වීමට සමාන නොවන බව
ඉතාම පැහැදිලිව වටහා ගත හැක.
අපි පුර්වයෙන් දැක්වූ
පරිදි යමෙක් උපතින් නායකයෙක් ව ඉපදුනු විට ඔහුගේ/ඇයගේ අදාළ චරිත ලක්ෂණ ඉතාම
පැහැදිලිව ඔහුගේ/ඇයගේ එදිනෙදා ක්‍රියාකාරී ජීවිතයේදී කිසිදු ආයාසයකින් තොරව
පෙන්නුම් කෙරෙන්නේය. නමුත්, අප දන්නා පරිදි, දැනුම යනු අපගේ නිර්මාණ නිසා
නායකයෙක්ව ඉපදුනත් අදාළ සාපේක්ෂ දැනුම ලබා ගැනීමට උත්සුක වීම ඉතාම වැදගත් කරුණකි.
එය පාසලකින්, උසස් අධ්‍යාපන ආයතනයකින් ලබන දැනුමක් ම විය යුතු නැත. අදාළ පොත් පත්
කියවීම, ගැලපෙන පුද්ගලයින් සමග සාකච්චා කිරීම, වාද විවාද කිරීම, ආදී බොහෝ ක්‍රම
මගින් සිය හැකියාවන් දියුණු කර ගත හැක. එසේම සංගත අයුරින් තමන්ටම දැනුම නිර්මාණය
කර ගැනීම ට ද හැකිය. මේ ක්‍රම සොයා ගැනීම ද නායකත්වයේ ලක්ෂණයක් වශයෙන් අපි දකිමු. ඒ
වගේම ජීවිතය යනු අනිවාර්යයෙන්ම ඉතාම හොඳම උසස් අධ්‍යාපන ආයතනයයි. තම ජීවිතය
සිහියෙන් යුතුව ගෙවන පුද්ගලයා සැම නිමේෂයකම නව දැනුම සොයා ගනී. මේ අනුව, ජිවිත අත්දැකීම්
නායකත්වය සඳහා හොඳ අත්වැලක් වන බව පැහැදිලිව පෙනේ. එසේම තමා ජිවත්වන සමාජයට,
පරිසරයට සංවේදී පුද්ගලයෙක් යහපත් නායකයෙක් තුල සිටි. ඔහු/ඇය ජාතිය, ආගම, කුලය
පන්තිය ආදී පටු බැදීම් හොඳින් වටහාගෙන ඒ මුලාකෘත පෙළඹවීම් පොදු යහපත සඳහා යොමු
කරන්නට දන්නේය.
කෙසේ වෙතත් ඵලදායි
නායකත්වය සඳහා බහුවිධ හැකියා සහ පුළුල් දැක්මක් අවශ්‍ය වේ. මෙහිදී බහුවිධ හැකියා
සේම විෂයාන්තර දැනුම (interdisciplinary, multidisciplinary) ද නායකත්වයට ඉතාම වැදගත් දෙයකි. 21 සියවසේ නායකයෙක් වීම සඳහා ඉතාම පැහැදිලිව ඵලදායි ප්‍රභල චරිතයක් සේම නිර්මාණශීලි,
ගැලපෙන සහ අදාළ නවතාවනට විවෘතව, නිරන්තර ඉගෙනීමේ සහ පර්යේෂණ කිරීමේ නිරත වෙමින්
විකල්ප මාන ඔස්සේ තම වගකීම් සහ යුතුකම් ඉතාම ඉහලින් සහ ඵලදායි අන්දමින් සාක්ෂාත්
කරගැනීමේ උනන්දුවෙන් කටයුතු කරන්නෙක් විය යුතුය. ඒ වගේම තමන් කරන දෙයින් සතුටට
පත්වන කෙනෙක් විය යුතුය.
අධ්‍යාපන සහතික සහ නායකත්වය
ලෝක ඉතිහාසය වශයෙන් අප හඳුන්වන කරුණු විවිධ නායකයින්ගේ තීරණ සහ ක්‍රියාකාරිත්වයේ සලකුණු වේ. ඒ හැම නායකයෙක්ම හුදු අධ්‍යාපන සහතික වලට කිසිදු වටිනාකමක් නොලැබෙන, තීරණාත්මක අවස්තාවලදී නිවැරදි තීරණ ගැනීමේ ප්‍රතිභා ඥානයෙන් යුතු අය විය. හරි හෝ වැරදි හෝ වශයෙන් තීරණය කිරීම පසෙක ලා තීරණාත්මක අවස්ථාවල ගැලපෙන සහ අදාළ තීරණ ගැනීමේ හැකියාව නායකයෙකුගේ සැබෑ සාරය වේ. මෙහිදී නායකත්වය යනු බහුවිධ තත්වයන්ගේ (different qualities) එකතුවෙන් නිමවී ප්‍රකාශවන ප්‍රභල සහ සංවේදී ක්‍රියාකාරී-තත්වයකි. නමුත්, දේශපාලනයේ දී හෝ ආයතනයකදී හෝ වෙනත් අදාළ අවස්ථාවකදී හෝ නෛතික වශයෙන් ලැබෙන බලය අනුව ක්‍රියා කරන තැනැත්තා උපතින් නායකයෙක් විය යුතු නැත. ලෝකයේ ඕනෑම දේශපාලන, සමාජ, ආර්ථික සංස්කෘතික අංශයක වැටුපට පමණක් වැඩකරන එවන් පුද්ගලයෝ එම නීති රීති මගින් ආරක්ෂා වී ඇති අතර ඔවුන්ගේ ක්‍රියා එම සීමාවල පමණක් ක්‍රියාත්මක වේ. නමුත් උපතින් එන නායකයා ඉතාම පැහැදිලිව මේ සියලු පටු සිමා අභිබවා යන්නෙකි. නමුත් සිමා කඩමින් සිතළුවක් කරන්නෙක් ද නොවේ. එවන් උසස් නායකයෝ අධ්‍යාපනයෙන් නිර්මාණය නොවේ. ඔවුහු උපතින් ම නායකයෝ වෙති.
Subscribe to:
Posts (Atom)